Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
31
"ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්"

"ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්" - "ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,096 Views

ගෙදර ඉද්දි විතරක් නෙවෙයි, හෝටලෙකට ගියත්, පාර්ටි එකකට ගියත්, අපේ සමහර අය සීමාවක් නැතිව කෑම ගන්නවා. ඒ නිසාම ගොඩක් අයට ලෙඩ රෝග හැදෙන්නේ එයාලටත් නොදැනුවත්වමයි. අන්න ඒ විදියට ආහාර ගත්ත අය තව නරක වැඩක් කරනවා. ඒ තමයි ආහාර ගැනීමෙන් පස්සේ සිදුකරන විවිධ ක්‍රියාවන්. ඒ දේවල් හොඳයි කියලා හිතාගෙන කලත් ඇත්තටම ඒ දේවල් නිසා අපේ ශරීරය රෝගී වෙනවා. හිතාගන්න බැරි ලෙඩරෝග හැදෙනවා. මේ විදියට ආහාර ගැනීමෙන් පස්සේ අපි සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පිළියම් කීපයක් මේ වන විට අන්තර්ජාලයේ HEALTH DIGEZT නම්වන ප්‍රසිද්ධ වෙබ්අඩවියක සඳහන් වෙනවා. ඒවායින් කීපයක් තමයි මේ..

1. දුම් පානයෙන් වළකින්න.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා ආහාර ගැනීමෙන් පසු 1
දුමිවැටියක් පානය කිරීම දුමිවැටි 10ක් පානය කිරීමට සමානකල හැකිබව. (පිළිකා ඇතිවීමට ඇති සම්භාවිතාව ඉතා ඉහලයි.

2. ආහාරගත් සැණින්ම පළතූරු අනුභව කිරීමෙන් වළකින්න.
ඔබ ආහාරගත් සැණින් පළතූරු අනුභව කළහොත් පළතුරු ආහාර දව්‍ය සමඟ බඩවැල් තූළ සිරවී
නියමිත පරිදි ආමාශය කරා ප‍්‍රවාහනය වළකිනවා. එමනිසා ආහාර ගැනීමෙන් පැයකට පමණ පසු හෝ ආහාර ගැනීමට පැයකට පමණ පෙර පළතූරු අනුභව කිරීම සුදුසු බව හා උදෑසන හිස් බඩට පළතූරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවට නිර්දේශකර තිබෙනවා. උදෑසනට පළතූරු වල අඩංගූ පෝෂක හොඳින් භාවිතා කරමින් දවස ඇරඹීමට අවශ්‍ය ශක්තිය ශරීරයට ලබාදෙනවා.

3. තේ පානය කිරීමෙන් වළකින්න.
තේ කොළවල අධික අම්ල සංයුතියක් අඩංගූ වෙනවා. මේ අම්ල මගින් ආහාරයේ ඇති ශරීරයට අත්‍යවශ්‍ය
ප්‍රෝටීන් විනාශ කරනවා. ඒ වගේම ආහාර ජීරණයද අපහසු කරනවා. එබැවින් ආහාර ගෙන පැයකට පමණ පසු
තේ පානය කිරීම වඩාත් සුදුසු වෙනවා.

4. ඔබගේ බෙල්ට් එක බුරුල් කිරීමෙන් වළකින්න.
අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට හොඳ රස ආහාර ප‍්‍රමාණය ඉක්මවා ආහාරයට ගෙන බෙල්ට් එක බුරුල්
කරගෙන ඉන්න පුරුදුවෙලා ඉන්නවා. එය ඔබට පහසුවක් ගෙන දෙනවා. ඇත්තටම මෙය හොඳ පුරුද්දක් නෙමෙයි.
ඒ බඩවැල් අවහිරවන නිසාත් ඇඹරෙන නිසාත් නොවේ. නමුත් බෙල්ට් එක බුරුල් කිරීමෙන් ලැබෙන පහසුව නිසා ඔබ
තව තවත් ප‍්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමට යොමුවෙනවා. අධිකව ආහාර ගැනීම ශරීර සෞබ්‍යයට නුසුදුසුයි.
එබැවින් බෙල්ට් එක බුරුල් කිරීමට සිදු නොවන තරමට ප‍්‍රමාණවත් ආහාරයක් ලබාගන්න.

5. ස්නානය කිරීමෙන් වළකින්න.
ආහාරගත් විගස ස්නානය කිරීමෙන් අත් කකූල් හා ශරීරයේ රුධිරය ගලායාම වැඩිකරනවා. එබැවින්
ආමාශය අවට රුධිර ප‍්‍රමාණය අඩුවෙනවා. මෙය ආහාර ජීර්ණ ක‍්‍රියාවලිය දුර්වල කිරීමට හේතූවෙනවා.

6. ඇවිදීමෙන් වළකින්න.
ආහාරගත් විගස ඇවිදීම සුදුසු ක‍්‍රියාවක් නෙමෙයි. එයින් ආහාර අජීර්ණ තත්වයක් ඇතිවෙන්න පුලුවන්.
ආහාර ගෙන පැය බාගෙකට පසු ඇවිදීම වඩාත් සුදුසුයි. දකූණු කැරොලිනාවේ ව්‍යයාම විද්‍යා පර්යේෂකවරුන් සොයාගෙන තිබෙනවා ව්‍යයාම කිරීමෙන් පසු ඇවිදීම ශක්තිය දහනය කිරීමට ඇති හොඳම මඟක් බව.

7. නිදාගැනීමෙන් වළකින්න.
ආහාරගත් විගස නිදාගැනීම ආහාර නිසියාකාරව ජීර්ණය වීමට බාධා ඇතිකරනවා. එමගින් ගෑස්ටි‍්‍රක් හා
බඩවැල් ආශ‍්‍රිත ආසාදන ඇතිවීමට හේතූවෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top