Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
30
"වාස්තු විද්‍යාවට අනුව ඔබේ නිවස වර්ණ ගන්වන්නෙ මෙහෙමයි"

"වාස්තු විද්‍යාවට අනුව ඔබේ නිවස වර්ණ ගන්වන්නෙ මෙහෙමයි" - "වාස්තු විද්‍යාවට අනුව ඔබේ නිවස වර්ණ ගන්වන්නෙ මෙහෙමයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,021 Views


තව මාස දෙකකින් අලුත් අවුරුද්දත් එන නිසා ඔබත් දැන් ඔබේ ගෙදර පොඩ්ඩක් colour wash කරගන්න කල්පනා කරනවා නේද? වාස්තු විද්‍යාවට අනුව ඔබට වාසනාව ගෙනෙන ආකාරයට ගෙදර තීන්ත ගාගන්න හැටි ගැන ලස්සන ගෙදර තුලින් අපි අද කතා කරමු.
ඔබේ නිවසේ ප්‍රධාන දොර පිහිටන දිශාව අනුව ඔබ බිත්ති වලට යොදා ගත යුතු වර්ණ වාස්තු විද්‍යාවෙන් හඳුන්වා දෙනවා.

උතුරු දිශාව යනු ආපෝ ධාතු නැතිනම් ජල ධාතුව සහිත දිශාව බැවින් එම දිශාවට මුහුණලා ඇති නිවසකට සෑම විටම සුදු වර්ණය ඉතා යහපත් වන අතර නිල් සහ දම් ආශ්‍රිත වර්ණ වුවත් යොදා ගන්නට පුළුවන්. නමුත් රතු වර්ණය නම් කිසි සේත්ම යොදා ගන්නට එපා.

දකුණු දිශාව තුළ වඩාත් බලවත් වන්නේ තේජෝ ධාතුව බැවින් රතු කහ වැනි වර්ණ යෙදීම ඉතාමත් යහපත් වනවා. සුදු වර්ණය සෑම දිශාවකටම එක සේ යොදා ගත හැකි නමුත් දකුණු දිශාවට පිහිටන ගෙදරකට කිසිම විටක නිල් වර්ණය යොදා ගැනීම නොකළ යුතුයි.

නැඟෙනහිර දිශාව අයත් වන්නේ වෘක්‍ෂ ධාතුව බලවත් වන කොටස නිසා නැගෙනහිර පැත්තට තිබෙන ගෙදරකට කොළ පාට වර්ණ රටා ඉතාමත් යහපත් වනවා. එහෙත් මෙම දිශාව සඳහා රතු පාට වර්ණ කිසිම විටක යොදා නොගැනීමට වග බලා ගත යුතුයි.

ඔබේ නිවසේ ප්‍රධාන ද්වාරය බටහිර දිශාව තුළ නම් ඉතාමත් සුදුසු වන්නේ කහ, ගුරු හෝ අළු පාට වේ. එහෙත් කිසිම විටෙක නිල්පාට එක් කිරීම නොකළ යුතුයි. සියලු දිශා සඳහා සුදුපාට යහපත් වනවා.

නිවෙස ඇතුලත වර්ණ යෙදීමේදී සෑම විටම තද වර්ණ බැහැර කළ යුතු වනවා. ලා වර්ණ යොදා ගැනීම යහපත් වනවා. කාමර වර්ණ ගැන්වීමේදී වර්ණ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යොදා නොගත යුතු බව වාස්තු විද්‍යාවේ කියවෙනවා. පොදු ස්ථානවල ඒ කියන්නේ සාලය, කෑම කාමරය වැනි ස්ථාන සඳහා වර්ණ දෙකකට වඩා යොදා ගත්තාට කමක් නැහැ.
දරුවන්ගේ කාමර වර්ණ ගැන්වීමේදී මේවා ගැන සැලකිලිමත් වන්න.
උතුරු දිශාවේ හෝ ඊශාන දිශාවේ පිහිටි ළමුන්ගේ කාමර සඳහා ළා නිල් පැහැය ඉතා යහපත් වන අතර නැඟෙනහිර බටහිර පිහිටි කාමර සඳහා ළා කොළ පාට ඉතාම සුදුසුයි. ළමා කාමර සඳහා කිසිම විටක රතු මිශ්‍ර වර්ණ යොදා ගැනීම සුදුසු නැහැ.
ප්‍රධාන නිදන කාමරය වර්ණ ගැන්වීමේදී එය නිරිත දිශාවේ පිහිටා ඇත්නම් ළා කහ පාට සහ ළා රෝස පාට යන වර්ණ ඉතාමත් යහපත් වනවා. ඒ වගේම ප්‍රධාන නිදන කාමරය සඳහා අළු සහ කළු යන වර්ණ හැර වෙනත් ඕනෑම වර්ණයක් යොදා ගන්නට ඔබට පුළුවන්.

තිර රෙදි සඳහා වර්ණ තෝරාගන්න විට ඔබ දැනගත යුතු වන්නේ මේ දේවල් ගැනයි.

නිවස මුහුණලා ඇත්තේ උතුරු හෝ නැඟෙනහිර දිශාවට නම් නිල් මිශ්‍ර වර්ණ සහිත ‍රෙදි ශුභයි.

නිවස දකුණට හෝ බටහිරට මුහුණලා තිබෙනවා නම් රතු පාට වර්ණ සහිත ‍දොර රෙදි භාවිතා කරන්න.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top