Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
28
"ජ්‍යෝතිෂයට අනුව ඔබට ජිවත් වෙන්න හොදම ප්‍රදේශය හොයාගන්න හැටි"

"ජ්‍යෝතිෂයට අනුව ඔබට ජිවත් වෙන්න හොදම ප්‍රදේශය හොයාගන්න හැටි" - "ජ්‍යෝතිෂයට අනුව ඔබට ජිවත් වෙන්න හොදම ප්‍රදේශය හොයාගන්න හැටි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,312 Views



සමහර පුද්ගලයෝ අලූත් ගම් ප‍්‍රදේශයක පදිංචියට ගොස්‌ විශාල දියුණුවක්‌ ලබති. තවත් සමහරුන්ට අලූත් ගමක පදිංචියට ගොස්‌ වැලේ වැල් නැති වී මහමගට බැසීමට සිදුවන අවස්‌ථාද නැත්තේ නොවේ. මෙසේ වීමට හේතුව ගැන ඔබ නිකමටවත් සිතා බැලූවාද?

අසවල් පුද්ගලයා මේ ගමට එනවිට අත්දෙක පමණක්‌ රැුගෙන ආ අයෙකි. නමුත් අද ඔහුට ගමෙන් භාගයක්‌ම අයිතිය. යාන  වාහන ඉඩ  කඩම් ආදියෙන් සපිරි වාසනාවන්ත පුද්ගලයකු බවට පත් වී ඇත. ඒ එම ගමට පදිංචියට පැමිණි පසු දියුණු වූ පුද්ගලයකු ගැන ගමේ අය කතාබහ කරන අයුරුය.

තවත් පුද්ගලයකු ගැන ගම්වාසීන් පවසන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ කතාවකි. ගමට එනවිට යාන වාහන, දැසි දසුන් පිරිවරා පැමිණි ඔහු වසර කිහිපයකට පසුව සියලූම සේසත විනාශ වී අන්ත අසරණ තත්ත්වයට පත් වී ඇති බවකි.

මෙවැනි කතා ඔබ නිතර අසා ඇතුවාට සැකයක්‌ නැත. එකම ගමෙහි පදිංචියට පැමිණි පුද්ගලයන් දෙදෙනකුට දෙයාකාරයක තත්ත්වයක්‌ උද්ගත වීමට හේතුව කුමක්‌ද?



මෙයට මූලික හේතුව වන්නේ පුද්ගලයන් දෙදෙනාට එම ගම ගැළපීම හා නොගැළපීම නිසා බව පැහැදිලි කරුණකි.

අලූතින් ඉඩමක්‌ ගෙන නිවසක්‌ ඉදිකර පදිංචියට යැමට පෙර තමා පදිංචිවීමට බලාපොරොත්තු වන ගම තමට ගැළපේද එම ගමේ පදිංචි වීමෙන් තමාට දියුණුව හෝ පරිහානිය සිදුවන්නේ දැයි සොයා බැලීම වඩාත් උචිත නොවන්නේද?

සමහරු අලූතින් ඉඩමක්‌ මිලදී ගෙන ඉතා ඉක්‌මනින් නිවසක්‌ ඉදිකර එහි පදිංචි වෙති. තවත් සමහරු ඉඩම් කොටසක්‌ වෙන් කරවාගෙන එයට මුදල් ගෙවා අවසන් කර ගැනීමටවත් නොහැකිව ළතැවෙන අවස්‌ථාද අපමණය.

මේ නිසා ඔබ ඉඩමක්‌ මිලදී ගැනීමට හෝ අලූතින් යම් ගමක පදිංචියට යැමට බලාපොරොත්තු වන්නේ නම් එම ගම ඔබට පදිංචියට ගැළපේ දැයි පළමුව සොයා බැලිය යුතුය.

එසේ නොමැතිව ඉඩමක්‌ මිලදී ගෙන නිවසක්‌ සම්පූර්ණයෙන් හෝ අඩක්‌ ඉදිකර එය විකුණා දැමීමට පුවත්පත්වල පළ කෙරෙන දැන්වීම් අපට නිතර දක්‌නට ලැබේ.

ඔබ පදිංචි ගම හෝ පදිංචිවීමට බලාපොරොත්තු වන ගම ඔබට වාසනාව හෝ අවාසනාව ගෙන දෙන්නක්‌ දැයි ඔබටම විමසා බලාගැනීමේ ක‍්‍රමවේදයක්‌ ගැන පැහැදිලි කරදීම මෙම ලිපියේ අරමුණ වේ. එම ක‍්‍රමය මෙසේය.

ගමේ නමට ඇති අකුරු ගණන හතරෙන් වැඩි කරගන්න. එය පුද්ගල නමට ඇති අකුරු ගණනට එකතු කරන්න. ඉන්පසු එම ගණන හතෙන් බෙදන්න. එවිට ලැබෙන ඉතිරිය අනුව අපල හෝ සඵලතාව දැනගත හැක.

මේ සඳහා යොදාගත යුත්තේ නිතර භාවිත කරන නම පමණි. වාසගම සහිත සම්පූර්ණ නම අවශ්‍ය නොවේ.

ඉතිරි 1 නම්,

* දියුණුවට හිතකරය, ගමේ ප‍්‍රධානත්වය හිමි වේ. දේශපාලන කටයුතු සඳහා යෙදෙන අයට ඉතාම යහපත් ගමකි. අන්‍යයන්ගෙන් උදව් * උපකකාර නොඅඩුව ලැබේ.

ඉතිරි 2 නම්,

* ගමේ සියලූ දෙනාගේම සහාය නිරායාශයෙන්ම හිමි වේ. උත්සාහයක්‌ නොමැතිවම තමා ළÛට ධනය ගලා එයි. දියුණු වේ.

ඉතිරි 3 නම්,

* යහපත් නොවේ. දියුණුවට හිතකර නැත. ජීවත්වීම සඳහා බලවත් සටනක්‌ කිරීමට සිදුවෙයි. කෙතරම් උත්සාහ කළත් කටයුතු සාර්ථක කර ගැනීම අපහසු වේ.

ඉතිරි 4 නම්,

* අනාගත අපේක්‌ෂා සාර්ථක කර ගැනීමට දැඩි වෙහෙසක්‌ දැරීමට සිදුවෙයි. සාර්ථක ප‍්‍රතිඵල ලැබීම ප‍්‍රමාද කරයි. ප‍්‍රගතිය ප‍්‍රමාද වේ.

ඉතිරි 5 නම,

* ආර්ථික වාසි ලබාගත හැක. උත්සාහයේ තරමට දියුණුව ඇති කෙරේ. කීර්තිය පැතිර යති. අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමි නොවේ.

ඉතිරි 6 නම්,

* සියලූ යස ඉසුරින් පිරි ජීවිතයක්‌ ගත කිරීමට අවස්‌ථාව සැලසේ. දේපළ, ඉඩකඩම් වස්‌තු ලාභ සහිතය. ප‍්‍රසිද්ධය පැතිරේ.

ඉතිරි නැති නම්,

* ගම කිසිසේත්ම නොගැලපේ. එහි විමසීමෙන් තමාටත් තම පවුලටත් නොයෙක්‌ කරදර ගෙන දේ. හදිසි අනතුරු මාරක විපත් උපද‍්‍රව ඇති වේ.



මෙම ක‍්‍රමය උදාහරණයක්‌ මගින් විමසා බලමු. ජයඝෝෂා නමැති පුද්ගලයා මීගමුව පදිංචිය සඳහා තෝරා ගනී. ඔහුට එම ගම විසීමෙන් යහපතක්‌ වේදැයි විමසා බලමු.

මීගමුව යන ගමේ නමට අකුරු හතරකි. එය හතරෙන් වැඩි කළ විට 16 කි. ජයසේන නමට ඇති අකුරු හතර එයට එක්‌කළ විට එකතුව 20 කි. එය හතෙන් බෙදන්න. එවිට ඉතිරි 6 ක්‌ ලැබේ. ඉහත ක‍්‍රමය අනුව මීගමුව ජයසේනට හොඳින් ගැළපෙන ගමකි. දියුණුව ලබාගත හැක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top