Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
20
"මේ සිංහයා හුරතලෙක්ද? පෙම්වතෙක්ද?"

"මේ සිංහයා හුරතලෙක්ද? පෙම්වතෙක්ද?" - "මේ සිංහයා හුරතලෙක්ද? පෙම්වතෙක්ද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,228 Views

සාමාන්‍යයෙන් ගෙදර  අපි විවිද සත්තු සුරතලයට ඇතිකරනවා.. හැබැයි සුරතලයට සිංහයෙක් ඇති කරනව කිව්වොත් පොඩි අමුත්තක් තියෙනවා. ඒත් හුරතලයට සිංහයෙක් ඇති කරපු කතාවක් ගැන පුවතක් ලයිෆ් සඟරාව වාර්තා කරල තිබුණා. හැබැයි මේ සිද්ධිය අද ඊයෙ කතාවක් නෙමෙයි. හොලිවුඩ් නිළි ටිපී හෙඩ්රන් 1970 දශකයේ තමන්ගේ නිවසේ ඇති කළ නීල් කියන සිංහය ගැන විස්තර කරනවා.



ගෙදර නාන තටාකය අසල බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, හෙඩ්රන්ගේ දියණිය සමග සෙල්ලම් කරනවා, ඇය සමග එකම ඇඳ බෙදාහදාගෙන නිදා ගන්නවා, කාර්යාල කාමරයේ මහා වදකාරයෙක් බවට පත්වෙනවා ආදී වශයෙන් නොයෙක් ඡායාරූප ලයිෆ් සඟරාවට එකතු වෙලා තිබුණා.

මේ ඡායාරූප අද නරඹන විට මෙතරම් බියකරු සතෙකු සමග මෙතරම් ජීවිතය අවදානමට අරගෙන කොහොම කෙසේ සිටියද යන්න විමතිය දනවන්නක් බවත් ඇය කියනවා. ඇය අද තම දියණියට පවසන්නේ එවැනි අවදානමක් නොගෙන සිටියා නම් හොඳ බවයි. නමුත්, නීල් තම දියණියට කොතරම් ළංව සිටියාද යන්න දන්නේ ඇය පමණයි.



බොහෝ වෙලාවට ඇය නාන තටාකයේ දිය නාන විට නීල් ඒ අසලින් නොසෙල් වී ඇය සමග විනෝද වූ බව හෙඩ්රන් කියනවා. තම දියණියේ ඇඳට වී පොරොනයකින් ඇඟත් පොරෝගෙන නිදාගන්න නීල් පුදුම ඇල්මක් දක්වන බවත් ඇය කියනවා. නමුත්, දියණිය භයානක සිංහයෙකු සමග එකම ඇඳේ නිදා ගැනීම කිසිදු අම්මා කෙනෙකු නොපතන්නක් බව ඇය කියනවා.

කෙසේ වෙතත් හෙඩ්රන්ගේ දියණිය කියන්නේ නීල් තමන්ගේ හොඳම මිතුරා බවයි. නීල් සමග ඡායාරූප ගැනීම තරම් විනෝදයක් තමන්ට නොවූ බවද ඇය කියනවා.



නීල්ට ගෞරව කළා නම්, එයා කේන්ති නොගසන ආකාරයෙන් කටයුතු කළා නම් සිංහයාගෙන් කරදරයක් නොවන බව ඇය කියනවා. විශේෂයෙන්ම නීල්ගේ නාසය පහුරු ගෑම හෝ වේගයෙන් නීල් වෙත දිවගොස් එයාව බදාගැනීම වැනි දෑ එයා කෝප කරවිය හැකි බව ඇය දැගෙන සිටියා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top