Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
19
"වසර 3කට පෙර මිය ගිය මිත්තණියගෙන් SMS එකක්"

"වසර 3කට පෙර මිය ගිය මිත්තණියගෙන් SMS එකක්" - "වසර 3කට පෙර මිය ගිය මිත්තණියගෙන් SMS එකක්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,987 Views



වසර 3කට පෙර මිය ගිය මිත්තණිය සමග වළ දැමූ ජංගම දුරකතනයෙන් ලැබුණු SMS පණිවුඩයකින් මානසික පීඩනයට ලක්ව සිටින තරුණියක පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ, එංගලන්තයේ සවුත් ෂීල්ඩ් ප්‍රදේශයේ පදිංචි ෂෙරී එමර්සන් නමැති තරුණියකි.

ඇය ලෙස්ලි එමර්සන් නමැති සිය මිත්තණියට මහත් ආදරයක් දක්වා ඇති අතර 2011 වසරේදී මිත්තණිය මිය යාම හේතුවෙන් සිත්තැවුලෙන් පසු වූවා ය.

මිත්තණියගේ දේහය වළලන විට ඒ සමග ඇය භාවිත කළ ජංගම දුරකතනය ඇතුළු ‍මිත්තණිය ඇලුම් කළ භාණ්ඩ කිහිපයක් ද වළ දමා තිබිණි.

පසුව මිත්තණියට ඇති ආදරය හේතුවෙන් ෂෙරී එමර්සන් මිත්තණියට වරින් වර SMS පණිවුඩ යවා ඇත්තේ, මිත්තණියගේ දේහය අසල ජංගම දුරකතනය තිබූ බැවිනි.

එම SMS පණිවුඩවලට මිය ගිය මිත්තණිය ප්‍රතිචාර නොදක්වන බව ඇය හොඳින් ම දැන සිටියා ය.

කෙසේ වෙතත්, මිත්තණිය මිය ගොස් වසර 3කට පසුව ඇය යැවූ SMS පණිවුඩයකට ප්‍රතිචාරයක් ලැබීමෙන් ඇය සිහිසුන් විය.

එහි සඳහන් තිබී ඇත්තේ, ‘I’m watching over you’ (මම ඔබ දෙස බලා සිටිමි) යනුවෙනි.

මෙය කියවූ ෂෙරී එමර්සන් ඉමහත් මානසික පීඩනයකට ලක්ව රෝගී වූවා ය.

කෙසේ වෙතත්, මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා එම දුරකතන සබඳතාව අයත් සමාගම වූ එංගලන්තයේ O2 සමාගමට කතා කළ පසු දැන ගන්නට ලැබී ඇත්තේ, කාලයක් භාවිත නොකළ දුරකතන අංක යළි නව ග්‍රාහකයින්ට නිකුත් කරන බව ය.

ඒ අනුව, මිත්තණියගේ අංකය ලැබූ ග්‍රාහකයෙකු ෂෙරී එමර්සන් එවූ SMS පණිවුඩවලට ප්‍රතිචාර දක්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් ෂෙරී එමර්සන්ගෙන් සහ ඇගේ පවුලේ සාමාජිකයින්ගෙන් සමාව ඉල්ලා සිටි බව O2 සමාගම පවසයි.

කෙසේ වෙතත්, මෙම අද්භූත SMS පණිවුඩයෙන් ව්‍යාකූලත්වයට පත් ෂෙරී එමර්සන්ගේ මනස තවම ත් යථා තත්ත්වයට පත්වී නොමැත.

ඇය පවසන්නේ, මෙම සිද්ධිය හේතුවෙන් නොයෙකුත් විකාර අදහස් සිය මනසේ හොල්මන් කරන බව ය.

තමා අවට සිදුවන සියල්ල අද්භූත බවක් තමන්ට දැනෙන බව ද ඇය මාධ්‍යයට පවසා තිබේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top