Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
17
"Manager කෙනෙක් වෙන්නේ මෙහෙමයි"

"Manager කෙනෙක් වෙන්නේ මෙහෙමයි" - "Manager කෙනෙක් වෙන්නේ මෙහෙමයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,389 Views

මීට කාලෙකට ඉස්සර  Manager කියන වචනය මෙරට ජනතාවට ඒ තරම් සමීප වචනයක් වුණේ නැහැ. ගැමි ජීවිතය නිතර දෙවේලේ ගැටුණු "සමුපකාර මැනේජර්" චරිතය හරහා තමයි යම් තරමකින් හෝ මේ වචනය සමාජගත වුණේ. "මැනේජර්" කියූ පමණින් යමකුට එය සංඥානනය වුණේ "සමුපකාර මැනේජර්" කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු මනෝමය චිත්‍රයත් එක්ක.

කාලයක් යද්දි "මැනේජර්" වචනය පුළුල් වෙලා "බැංකු මැනේජර්" තනතුර නිර්මාණය වුණා. ඉහළ වැටුපක්, වරප්‍රසාද, ගරු නම්බුනාම ගොඩක් එක්ක සමාජගත වුණු "බැංකු මැනේජර්" තනතුරට ඉහළ සමාජ වටිනාකමක් නිරායාසයෙන්ම ලැබුණා.

මේ හරහා තමයි ආයතනික සංස්කෘතික පද්ධතියට "මැනේජර්" තනතුර ඇතුළු වුණේ.කොහොම වුණත් මීට අවුරුදු 30කට පමණ පෙර මැනේජර්ගේ කාර්යභාරය හැටියට හඳුනාගෙන තිබුණේ උදෑසනම කාර්යාලයේ ‍ෙදාර විවෘත කිරීම, වැඩපළ බලා කියා ගැනීම, ආයතනයේ යතුර තමන් බාරයේ තබාගැනීම, ලියකියවිලිවලට අස්සන් යෙදීම යනාදිය.

නමුත් වර්තමානයේදී මේ හැමදේම වෙනස් වෙලා. කළමනාකරණ විෂය පොත්පත්වලට එකතු වෙලා නිතර දෙවේලේ බුද්ධිමතුන් ඒවා ඇසුරු කරන්න පටන්ගත්තා පසුව "මැනේජර්" කියන

වචනයත් නිතර දෙවේලේ භාවිත වන වචනයක් බවට පත්වුණා.
Sales Manager, Markating Manager, Finance Manager, Human Resources Manager, Advertising Manager, Distribution Manager, Maintenence Manager, Oparation Manager  යනාදී මෙකී නොකී "මැනේජර්වරු" අපට මුණගැසෙනවා. එකම ආයතනික පද්ධතියක වුවත් මේ මැනේජර්වරු අතුරින් කිහිපදෙනකුම කටයුතු කරනවා.

මැනේජර් තනතුර මෙහෙම පුළුල් වෙද්දි ඔහුගෙන් ආයතනයකට ඉටුවිය යුතු කාර්යභාරය කුමක්ද යන්න සම්බන්ධයෙන් බුද්ධිමතුන් ගැඹුරින් සොයා බලන්න පටන්ගත්තා.

කළමනාකාරවරයා Manager  කවුරුන්ද යන වග Peter Drucker  නමැති කළමනාකරණ විශේෂඥයා වරෙක හරි අපූරුවට පැහැදිලි කළා.
"
“A person who is responsible for the final result of the company / division.”
"
කළමනාකාරවරයා යනු ආයතනයේ හෝ සංවිධානයේ අවසන් ප්‍රතිඵලයට වගකියන පුද්ගලයා. Peter Drucker  ගේ මේ අර්ථදැක්වීමත් එක්ක බැලුවහම කළමනාකරුට (Manager)  පැවරෙන වගකීම සුළුපටු නැහැ.


දවසේ හෝ වසරේ අවසානයේදී ඔහුට සිදුවෙනවා ආයතනයේ අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් හිමිකාරීත්වයට වගඋත්තර බඳින්න. මේ නිසාම අන් තනතුරු දරන්නන්ට වඩා කළමනාකරු බොහෝ

කරුණු කාරණා අතින් පොහොසතකු විය යුතුයි.
මෙහිදී ප්‍රධාන කාරණා තුනක් වැදගත්.
1. දැනුම (Knowledge)
2. හැකියා(Skills)
3. ආකල්ප(Attitudes)

මේ කියන කාරණා තුනෙන් කළමනාකරු පරිණත විය යුතුයි. එසේ පරිණත වූ කළමනාකරුවකුගෙන් විද්‍යමාන වන ගතිලක්‍ෂණ බොහොමයක් තියෙනවා. අපි හොයලා බලමු ඒ ගතිලක්‍ෂණ මොනවද කියලා.


1. පරිණත වූ කළමනාකරුවකු කිසිවිටෙකත් ආයතනයේ හෝ සංවිධානයේ නීතිරීති පිළිනොපැද අන් අයට ඒවා පිළිපදින හැටියට උපදෙස් දෙන්නෙ නැහැ. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව අවබෝධ කරගෙනයි ඔහු කටයුතු කරන්නේ.


2. ඔහු හැම විටම තමන්ගේ සේවක මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස්වලට කන් දෙනවා. නම්‍යශීලී බව ආභරණයක් කරගත් ඔහු ආයතනයේ හෝ සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් එකී අදහස් නිසි ලෙස ගළපාගන්නවා. ළා පොල් ඉරටුවක් නැවෙද්දි වියළි පොල් ඉරටුවක් නවන්න උත්සාහ කිරීම පල රහිත බව ඔහු දන්නවා. ඒ නිසාම ළා පොල් ඉරටුවක් වෙන්නැයි ඔහු උත්සාහ කරන්නේ.


3. කියන දේ කරන, කරන දේ කියන ඔහු කවදාවත් බොරු පොරොන්දුවලින් තමන්ගෙ සාමාජිකයන් රවටන්නේ නෑ. පොරොන්දු ඉෂ්ට කරන එක ඔහුගේ ජීවිතයේ වගා කරගත් හොඳ ගුණාංගයක්.


4. තමන්ට ලැබෙන ඊමේල් පණිවුඩයකට, ලැබෙන හෝ මඟහැරුණු දුරකතන පණිවුඩයකට ඔහු පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දක්වනවා. ඒ නිසාම පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඔහු හා සම්බන්ධ වන අයකුට කවදාවත් පිළිතුරක් නැතිව කල්වරන්න සිද්ධ වෙන්නෙ නැහැ.


5. තමන්ට පැවරිලා තිබෙන වගකීම් අතරින් වැදගත් හා හදිසි දේ මොනවද කියලා වෙන් කරගෙන ඒවාට මුල්තැන දෙන්න ඔහු ක්‍රියා කරනවා. ඒ නිසාම වැදගත් හා හදිසි රාජකාරි ඔහු අතින් මඟහැරෙන්නෙ නැහැ.


6. ආයතනික ජයග්‍රහණයකදී තමන් පොර කියලා පෙන්වන්න ඔහු ක්‍රියා කරන්නේ නැහැ. සාමූහිකව ආයතනික කටයුතු ඉටු කරන්නට පසුබිම සකස් කරන ඔහු ඒවායේ ප්‍රතිඵලත් සාමූහිකව බෙදාගන්නවා.


7. තමන් සමඟ වැඩ කරන සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලිගහන නරක පුරුද්ද ඔහුට නැහැ.


8. ඒ වගේම අන්‍යයන්ගේ ආකර්ෂණය ලබාගත හැකි පරිදි පිළිවෙළට පිරිසුදුව අඳින පලඳින ඔහු ඒ ගැන නිතරම සැලකිලිමත් වෙනවා. පෞද්ගලික සනීපාරක්‍ෂාව වෙනුවෙන් ඔහු ඉතා ඉහළ අවධානයක් යොමු කරනවා.


9. රැකියාවට වගේම රැකියා ස්ථානයටත් ඔහු ගරු කරනවා. තමන් කරන රැකියාව, තමන්ගේ රැකියා ස්ථානය හෑල්ලුවට ලක්කරමින් ඔහු කටයුතු කරන්නෙ නැහැ.


10. ඉවසීම හොඳින් ප්‍රගුණ කළ ඔහු යමකින් කම්පනයට පත්කිරීමට අසීරුයි. තමන්ගේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න අවශ්‍ය දැනුම හැම විටම එක්රැස් කරගනිමින් බොහොම ඉවසිලිමත්ව ඔහු ඔහුගේ ගමන යනවා.


11. තමන් සමඟ වැඩ කරන අයගේ සාර්ථකත්වයකදී ඔහු දෙවරක් නොසිතාම එය අගය කරනවා. අන් අය හමුවේ එය ප්‍රදර්ශනය කරමින් ඔවුන්ට ධෛර්යයක් ලබාදෙනවා.


12. කාල කළමනාකරණය අතින් ඔහු අන් අයට වඩා පොහොසත්. පැය 24ත් මදි මගේ වැඩවලට කියන අය අතරේ ඔහු නැහැ.


13. රැකියාවට අනුබද්ධිත තාක්‍ෂණික විෂය සම්බන්ධයෙන් කළමනාකරු පොහොසත්. ඒ දැනුම තමන්ගේ ආයතනයේ හෝ සංවිධානයේ දියුණුව වෙනුවෙන් යොදවන්න ඔහු මැළිවන්නේ නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top