Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"ඔබේ සමටත් ආකර්ෂණීය පැහැයක් ලැබෙනවට කැමතිද?"

"ඔබේ සමටත් ආකර්ෂණීය පැහැයක් ලැබෙනවට කැමතිද?" - "ඔබේ සමටත් ආකර්ෂණීය පැහැයක් ලැබෙනවට කැමතිද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,467 Views




සම පැහැපත් වූ විට ඔබ කෙරෙන් දිස්වන්නේ සැබෑම වෙනසක් ..ඉතින් ඒ වෙනසට ආරාධනා කරන ඔබ ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ඕනෑ .සමේ පිහිටීම එක් එක් පුද්ගලයාට වෙනස් බව සැබෑවක් .එහෙමනම් ඒ සමට ඔබින ආකාරයට make up එකක් කරන්නේ කොහොමද කියලා අපි අද බලමු .

මුලින්ම අපි බලමු සමේ ප්‍රභේදයන් මොනවද කියලා

අයිවරි සම – Ivory Skin
ඔලිව් සම – Olive Skin
රන්වන් දුඹුරු පැහැති වියළි සම – Towny Skin
ෆ්ලොරිඩ් සම – Florid Skin

ඒ අනුව ඒ ඒ සමේ ස්වභාවය හඳුනාගෙන makeup එකක් වෙත යොමුවීම ඉතාමත් වැදගත් .එසේ නොවන තැන්වලදී සිදුවන්නේ ඔබ යොදාගන්නා makeup එක ඔබට නොගැලපී යාමයි .

makeup එකකින් තියෙන ලස්සන වැඩි කරගන්න උත්සහ දරන අපි කවුරුත් ඒ වෙනුවට මුහුණට අවලස්සනක් එක්කරගන්න කැමති නැහැ.ඒ නිසා අපි අපේ සම හඳුනාගෙන සමට ,මුහුණට ගැළපෙන ලෙස makeup එක කරන්න ඉගෙන ගන්නවා වගේම අපට සුදුසු වර්ණ තෝරා ගැනීමටත් අපි අද ඉගෙන ගමු.

අයිවරි සම – Ivory Skin

මෙවැනි සමක පැහැය ඇත්දළ පැහැයට සමානයි .අයිවරි සමකට උරුමකම් කියන යුවතියකගේ මුහුණේ පැල්ලම් ද නොමැත .ඒ අනුව අයිවරි සම යනු ස්වභාවයෙන්ම ලස්සන ලප කැළැල් වලින් තොරවූ සමකි .ඔබත් උරුමකම් කියන්නේ මෙවැනි සමකට නම් ඔබේ makeup එක පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඔබේ ඇස් ,තොල් ,කම්මුල් සහ කෙස් සඳහා භාවිතයට ගත යුතු වර්ණ පිළිබඳවත් විමසීමක යෙදෙමු.

අයිවරි සමකට හිමිකම් කියන ඔබ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීමේදී අතේ මැණික් කටුවේ ඇතුළු පැත්තේ සම මත ෆවුන්ඩේෂන් එක ආලේපකර සමේ පැහැයට ගැළපෙන ආකාරයේ ෆවුන්ඩේෂන් එකක් තෝරා ගැනීමත් ඉතා වැදගත් .

බොහෝ දෙනෙක් ෆවුන්ඩේෂන් තෝරා ගැනීමේදී තද රෝස පැහැය වෙත අවධානයක් යොමු කරන බව පේනවා .නමුත් එවැනි වර්ණ සහිත ෆවුන්ඩේෂන් එකක් අයිවරි සමක් හිමි ඔබට නොගැළපේ .එනිසා එවැන්නක් ඔබ භාවිතයට ගන්නේ නම් එය ඔබට අලංකාරයක් වෙනුවට අස්වභාවිකත්වය ගෙන දෙන නිසා එය ඉක්මනින්ම නවත්වා සමේ පැහැයට ගැළපෙන ෆවුන්ඩේෂනයක් තෝරාගෙන ආලේප කරන්න.

ඇස් වර්ණක හෙවත් Eye Shadow තෝරා ගැනීමේදී ඔබට වඩාත් ගැළපෙන්නේ රෝස හෝ අළු පැහැති වර්ණකයන්ය .ඊට අමතරව ඇහි බැම සහ ඇහි පිහාටු වර්ණ ගැන්වීමේදී කළු සහ තද නිල පැහැති වර්ණක වෙත වඩාත් අවධානය යොමු කිරීම වඩාත් සුදුසු වේ .මෙම තෝරා ගැනීම්වලට අනුව වර්ණාලේප ගැල්වීමෙන් ඔබේ දෑසට මනා පෙනීමක් සහ අලංකාරයක් කැදවාගන්නට හැකියාව ලැබෙන අතර එය ඔබේ මුහුණට අලංකාරවත් පෙනුමක් එක්කරනු ඇති .

අයිවරි සමකට හිමිකම් කියන ඔබ තොල් ආලේපන තෝරාගැනීමේදී රෝස මිශ්‍ර දුඹුරු පැහැය ඔබට හොඳින්ම ගැලපෙන්නේය .එහෙත් ඔබ විශේෂ අවස්ථාවක් උදෙසා තොල් ආලේපන භාවිතා කරන්නේනම් හෝ රාත්‍රියේ යෙදෙන උත්සව අවස්තාවක් සඳහා වර්ණාලේපන ගලවන්නේ නම් එහිදී පැහැදිලි රතු වර්ණකයන් ඔබට වඩාත් යෝග්‍ය වේ .

අයිවරි සමක් හිමි යුවතියකට ළා දුඹුරු වර්ණ බ්ලෂර් භාවිතයෙන් දෙකම්මුල් හි වර්ණ ආලේප කර ගැනීමෙන් මුහුණේ අලංකාරය තවත් තීව්‍ර කරගන්න පුළුවන් ….එහෙත් හැමෝටම මෙය අවශ්‍ය වන්නේ නැහැ .විශේෂ අවස්ථාවකදී දෙකම්මුල් ආලේපන ගැල්වීම වඩා සුදුසුයි .

ස්වභාවයෙන්ම නිරෝගී පැහැපත් සමක් හිමි ඔබට ලැබී ඇති හිසකෙස් හි වර්ණය වඩා වැඩි කරගැනීම මිස වෙනත් වර්ණාලේපනයක් වෙත ගමන් කිරීමද එතරම් සුදුසු නොවේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top