Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
15
"දුම වෙනුවට ජලය පිටවන වාහනයක්(Video)"

"දුම වෙනුවට ජලය පිටවන වාහනයක්(Video)" - "දුම වෙනුවට ජලය පිටවන වාහනයක්(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,684 Views


ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතාකරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියකමිල ඩොලර් 100 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන්නන්ට පමණක් බවයි. ඒ කැලිෆෝනියා වැසියන්ට හයිඩ්‍රජන් වායු පිරවුම්හල් තිබෙන නිසා බවත් සඳහන්.

මේ තුළින් උපයා ගන්නා මුදල් පරිසරය සුරැකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යෙදවීමට සැලසුම් කර ඇතැයි ද සඳහන් වෙයි.

මෙම මෝටර් රථය 2015 වසරේදී වෙළඳ පොළට නිකුත් කිරීමට ටොයොටා සමාගම සූදානම් වන අතර මෙම මෝටර් රථයේ රෝද ධාවනය කිරීම සඳහා ඉන්ධන කෝෂ (fuel-cell) මගින් උත්පාදනය කරන විදුලිය මගින් ක්‍රියාත්මක වන විද්‍යුත් මෝටරයක් භාවිතා කරයි.

මෙහිදී, විදුලිය උත්පාදනය කිරීම සඳහා හයිඩ්‍රජන් වායුව සහ ඔක්සිජන් වායුව භාවිතා කරන අතර මෙම ක්‍රියාවලියේදී අපද්‍රව්‍ය ලෙස පිටවන්නේ ජලයයි.

ටොයොටා අනාවරණය කර තිබෙන පරිදි මෙම වාහනයේ ඇති හයිඩ්‍රජන් වායු ටැංකි දෙකක් පුරවා ගැනීම මගින් කිලෝ මීටර් 310 ක් පමණ ධාවනය කළ හැකි අතර විනාඩි 05 ක් වැනි වේලාවකින් මෙම ටැංකිවලට හයිඩ්‍රජන් වායුව පුරවා ගැනීමට හැකියැයි සඳහන් වෙයි.

වීඩියෝව පහතින්…..



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top