Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
12
"අත්සනින් කියවෙන ඔබගේ පෞර්ෂත්වය"

"අත්සනින් කියවෙන ඔබගේ පෞර්ෂත්වය" - "අත්සනින් කියවෙන ඔබගේ පෞර්ෂත්වය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,434 Views


1. ස්ථානය


කොලයක ඔබ අත්සන යොදන ස්ථානය මගින් ඔබේ පෞර්ෂත්වය පිලිබදව වැදගත් වූ තොරතුරු පවසනවා. ජීවිතයේ ඉදිරිය පිලිබදව සිතා වැඩකරන පුද්ගලයින් තම අත්සන යොදනු ලබන්නේ දකුණු අතට වෙන්නයි. ඔබ අත්සන යොදන්නේ කොලයක මැදට වෙන්න නම් එයින් පැවසෙන්නේ ඔබ ඔබේ වැදගත් කම පිලිබදව වඩාත් උවමනාවෙන් යුතුව අන් අයට පවසන කෙනෙක් බවයි. ඒවගේම ඔබ අත්සන යොදන්නේ කොලයක වම් පැත්තට වෙන්න නම් ඔබ අතීතයෙහි සිදු වුනු දේවල් පිලිබදව වැඩි වශයෙන් සිතන පුද්ගලයෙකු වෙනවා.

2. ප්‍රමාණය


ඔබේ අත්සනෙහි සහ අත් අකුරු වල ප්‍රමාණයන්ගෙන්ද ඔබ පිලිබදව බොහොමයක් වැදගත් වූ තොරතුරු ප්‍රකාශ වෙනවා. බියෙන් සැකෙන් වගේම පසුගාමීව ජීවත් වෙන පුද්ගලයින්ගේ අත් අකුරු සහ අත්සන් කුඩා අකුරු වලින් යුක්ත වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයන්ගෙන් යුතුව අකුරු ලියන සහ අත්සන් යොදන පුද්ගලයින්ගේ චරිතයන් අනුවර්ථනීය ගුණයෙන් යුතු හොදින් තම ජීවිතය සකසා ගත් පුද්ගලයින් වෙනවා. සාමාන්‍යයෙන් විශාලව අකුරු ලියන සහ අත්සන් යොදන පුද්ගලයින් කෙලින් කතා කරන බොහොම සුහද ශීලී පුද්ගලයින්.



3. විසිතුරු බව.


වැඩි දෙනෙක් තම අත්සන විසිතුරු බැවින් යුතුව වඩාත් අලංකාරවත්ව යෙදීමට ක්‍රියා කරනවා. මෙලෙස විසිතුරු අයුරින් තම අත්සන යොදන පුද්ගලයාගේ පෞර්ෂත්වය පිලිබදව වැදගත් තොරතුරු රාශියක් එම අත්සන මගින් කියවෙනවා. සමහර දෙනෙක් අත්සන යටින් ඉරක් ඇදීමට ක්‍රියා කරනවා. එවැනි පුද්ගලයින් තම ඉහල  තත්වය සහ වැදගත්කම පිලිබදව ප්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වන පුද්ගලයින්. ඒවගේම සමහරෙක් අත්සන වටේට රවුමක් ඇදීමද සිදු කරනවා. එයින් ප්‍රකාශ වෙනවා ආරක්ෂිතව සිටීම සදහා ඔහුගේ තිඛෙන දැඩි ආශාව.

4. පහසුවෙන් කියවිය හැකි බව.


වැඩි අහංකාර ගතියකින් යුතු පුදගලයින් ඔවුන්ගේ අත්සන යොදන්නේ කියවීමට ඉතාමත් අපහසු ආකාරයටයි. ඔවුන් වැඩි වෙලාවක් අන් අයට කියවිය හැකි ලෙස අකුරු ලිවීමට සහ අත්සන යෙදීමට වැය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. පහසුවෙන් කියවීමට හැකි ලෙස අත්සන යොදන පුද්ගලයා ඉතාමත් අවංක භාවයකින් යුතු  විවුර්ත පෞර්ෂත්වයකින් හෙබි තම ජීවිතය පිලිබදව සෑහීමකට  පත්වෙන පුද්ගලයෙක් වෙනවා. එවැනි පුද්ගලයින් තමා අවට සිටින පුද්ගලයින්ගෙන් කිසිවක් වසන් කිරීමට උත්සහ කරන්නේ නැහැ.



5. තෙරපීම


වඩාත් තද කර වැඩි පීඩනයක් යොදා අත්සන් යොදන පුද්ගලයින් ජීවිතය පිලිබදව සරලව නොසිතන බරපතලව සිතන පුද්ගලයින් බව මතක තබා ගන්න. එවැනි පුද්ගලයින් ඔවුන්ගේ ඉලක්කයන් සපුරා ගැනීම සදහා වෙහෙසී වැඩ කරන පුද්ගලයින් වෙනවා. ඒවගේම ඔබ අත්සන යොදන්නේ වැඩි පීඩනයකින් තොරව සැහැල්ලු විදියට නම් ඔබ බොහොම සංවේදී පහසුවෙන් අනතුරට භාජනය විය හැකි තරමේ පෞර්ශත්වයකින් යුතු කෙනෙක් වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top