3,277 Views
පසුගිය ජනවාරි 21 වෙනිදා ෂා එෆ්.එම් අපි දොළෙස්වෙනි උපන්දිනය සැමරූවේ ඔබට අමතක නොවන දිනයක් ජිවිතයට එකතු කරමින්.උදෑසන සිට ඔබ ආදරය කරන ගායක ගායිකාවන් රංගන ශිල්පීන් අප වෙනුවට එදා දවසට ෂා එෆ්.එම් ගුවන්විදුලියේ නිවේදක නිවේදිකාවන් බවට පත්වුණා.ඒ සුන්දර මොහොත ඔබට අපට මෙන්ම ශ්රීන ලංකාවාසී සියලුම ජනතාවට උදාවූනේ රේඩියෝ ඉතිහාසයේ ප්රපථම වතාවට.ඊට ලැබුණු ඔබේ ආදරය කැටිවූ උණුසුම් ප්රයතිචාරයන් බොහොමත්ම ඉහල මට්ටමක පැවතුනා.ඒ ආකාරයෙන් දවල් වරුව ගෙවිගියේ ඉතාමත් රසවත් ආකාරයෙන්.ඉන් අනතුරුව ෂා එෆ්.එම් අපි රාත්රිතය උදාවෙනවත් සමඟම තවත් අලුත්ම අද්දැකීමක් රසික ඔබට තිලිණ කලා.ඒ "ඕල් රයිට්" සංගීතයට එතෙක් මෙතෙක් දිවයිනේ පිලිගත් ජනප්රිකයම ගී තරු වැඩිම ගණනක් අඩුම කාලයකදී ගීතවත් වුණ ෂා එෆ්.එම් උපන්දින සාදයයි.එයත් ඔබට නවමු රසවත් සුන්දර මොහොතක් බවට පත්වුණා.රසික රසිකාවියන්ගෙන් මෙන්න කලා ශිල්පීන්ගෙත් දිවයිනේ සෑම ජන කොටසකින්ම වයස් සීමාවකින් තොරව ෂා එෆ්.එම් අපිට ලැබුණු ආදරය හැමදාමත් ඉදිරියට යන්නට අපිට ශක්තියක් බවට පත්වුණා.ඒ තුලින් රේඩියෝ පෙරළිකාරයා බවට පත්වන්නටත් අපිට හැකිවුණා.එකෙන්ම දොළහයි තේමාවෙන් ආරම්භ වුණු ෂා එෆ්.එම් උපන්දින පාටියට අපි නිමාව දුන්නේ වෙනස්ම දහතුනකුන් ඔබව හමුවෙන පොරොන්දුව ලබාදෙමින්.
එකෙන්ම දොළහයි ෂා එෆ්.එම් සංවත්සරයේ සියලුම ජයාරූප නරඹන්න පහත් ලින්ක් එකෙන් -https://www.facebook.com/media/set/?set=a.651573594901343.1073741831.423433477715357&type=1