Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Sep
10
"රොබින් හුඩ් ගැන සැගවුන රහස් එලි වෙයි"

"රොබින් හුඩ් ගැන සැගවුන රහස් එලි වෙයි" - "රොබින් හුඩ් ගැන සැගවුන රහස් එලි වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,274 Views


 දුප්පතුන්ගේ වීරයා ලෙස සැළකෙන රොබින්හුඩ් සත්‍ය වශයෙන් ම ජීවත් වූ චරිතයක් වුව ද ඔහු ගැන දන්නා තොරතුරු නිවැරදි නොවේ යැයි බ්‍රිතාන්‍යෙය් ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ කැරොලින් ඩෝල්ටන් මහත්මිය කියයි. රොබින් හුඩ් වාසය කළේ නොටිංහැම්ෂයර්හි නොව යෝක්ෂයර්හි බව ඇය කියයි.

ඇය පවසන්නේ රොබින් හුඩ් හා සම්බන්ධ‍ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවයි. රොබින් හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද ඩෝල්ටන් කියන්නීය. උතුරු ඩොන්කැස්ටර් හා පොන්ටෙෆ්‍රැක්ටර් ප්‍රදේශයෙන් රොබින්හුඩ් සම්බන්ධ වැඩිම සාධක හමුවී ඇත.

ඇයගේ ගවේෂණයට අනුව රොබින් හුඩ් හා ඔහුගේ සහචරයන් වාසය කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි පිහිටි ඩොන්කාස්ටර් වලට උතුරින් ඇති බ්‍රාන්ස්ඩෙල් වනාන්තරයේය.

පැරනි සංචාරක සටහනක දැක්වෙන්නේ  රොබින් හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බවයි.

මේ සම්බන්ධ කරුණු විග්‍රහ කරන ඩෝල්ටන් මහත්මිය මෙසේ කියයි.

‘‘රොබින් හුඩ් සම්බන්ධ කතාවල තිබෙන ජනප්‍රිය කතාවක් තමයි ඔහු හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව. ඩොන්කාස්ටර් හි පිහිටා තිබෙන ස්කෙල්බෘක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගසක් තවමත් දක්නට ලැබෙනවා. මෙය බිෂොප්වරයා බැඳ තැබූ ගස වියහැකියි. “

ඇය පවසන කරුණු සනාථ කිරීමට ඉතා වැදගත් තොරතුරක් හමුවී ඇත. ඒ රොබින් හුඩ් මියගිය පසු දේහය මිහිදන් කළ බව සඳහන් ඵලකයකි. මේ ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එතැන මිහිදන් කළ බවකි. එසේ වුව ද මෙතෙක් සිතා සිටියේ නොටිංහැම්ෂයර්වල දී ෂෙරීෆ් විසින් රොබින් හුඩු මරාදමන ලද බවකි. එයින් පෙනී යන්නේ රොබින් හුඩ් ජීවත් වූවා යැයි පවසන ස්ථානයේ හා වර්ෂයේ පරස්පරයක් ඇති බවයි.

ඩොන්කැස්ටර් කෞතුකාගාරයේ රොබින් හුඩ් හා ඔහුගේ සම්බන්ධතා ගැන ගවේෂණාත්මක ප්‍රදර්ශනයක් මේ සතියේ ආරම්භ කැර තිබේ.

මේ ප්‍රදර්ශනයේ එක් පසෙක මධ්‍යකාලීන මෙවලම් ඇත. රොබින් හුඩ් ඩොන්කැස්ටර් හි වාසය කළ පුද්ගලයකුද නැද්ද යන කරුණ ප්‍රදර්ශනය නැරඹීමට එන අයගෙන් විමසීමට ද සංවිධායකයෝ කටයුතු කර සිටිති.

කෙසේ වෙතත් මේ ප්‍රදේශ දෙකේ සිටියේ රොබින්හුඩ්ලා දෙදෙනකු ද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡාවට බඳුන් වී ඇත.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top