Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
28
"ෂාරුක්ට මරණ තර්ජන"(Video)

"ෂාරුක්ට මරණ තර්ජන"(Video) - "ෂාරුක්ට මරණ තර්ජන"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,488 Views


පසුගියදා බොලිවුඞ් සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ගේ ආරක්‍ෂාව දැඩි කිරීමට තීරණය කලා . ඒ ඔහුගේ නිවස ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන්.

මෙලෙස වෙඩි තැබීම සිදුව ඇත්තේ ෂාරුක් ඛාන් ප‍්‍රධාන චරිතය නිරූපනය කරන ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘‘ Happy New Year ’’ චිත‍්‍රපටයේ විධායක නිෂ්පාදකවරයාගේ නිවස ඉදිරිපිටයි.

ඔහු, ෂාරුක් ඛාන්ගේ අසල්වාසියා බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කිරම් මොරානි නම් වූ මෙම නිෂ්පාදකවරයාට දිගින් දිගටම පාතාල කණ්ඩායම්වලින් තර්ජන එල්ල වුනා.

ඒ ‘‘ Happy New Year ’’ චිත‍්‍රපටයේ ජාත්‍යන්තර බෙදාහැරීම් ලබාදෙන ලෙසට බල කරමින්.
මේ සිද්ධියේ උණුසුම යන්නත් කලින්ම බොලිවුඞ් නළු ශාරුක් ඛාන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. මෙම දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ රවි පුජාරි නමැති පාතාල ක‍්‍රියාකාරිකයෙකු බවයි ‘‘ The Hindu ’’ වෙබ් අඩවිය පවසන්නේ.

අලි මොරානි සහ කරීම් මොරානි යන දෙසොහොයුරන්ගේ චිත‍්‍රපට සඳහා සහභාගි නොවන්නැයි එහිදී ශාරුක් ඛාන්ට අනතුරු ඇගවීමක් කර තිබෙනවා. කරීම් මොරානි යනු කුප‍්‍රකට ටූ ජී වංචාව සම්බන්ධයෙන් ද චෝදනා ලැබුවෙක්.

මේ අතර අදාල දුරකථන ඇමතුම ලැබුුණු දිනයේම අලි මොරානිගේ නිවසට කිසියම් පිරිසක් වෙඩි තබා තිබෙනවා. ශාරුක් ඛාන්ගේ නිවස පිහිටා ඇත්තේ ඊට ආසන්න ස්ථානයකයි.

මේ අනුව ශාරුක් ඛාන්ට සපයා ඇති ආරක්‍ෂාවද දැඩි කර තිබෙනවා. ඔහුගේ නිවස අවට අතිරේක පොලිස් රැුකවල්ද යොදවා තිබෙන බවයි ද හින්දු වෙබ් අඩවිය පවසන්නේ.

මෙම චිත‍්‍රපටය තිරගතවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මස 24 වනදායි. මෙන්න ඒ ෆිල්ම් එකේ Official Trailer එක.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top