Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
26
"අයිස් බකට් එකට බකට් පෙරලෙයි"(Video)

"අයිස් බකට් එකට බකට් පෙරලෙයි"(Video) - "අයිස් බකට් එකට බකට් පෙරලෙයි"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,194 Views

පසුගිය ජුලි 15 වනදා “ice bucket challenge” වැඩසටහන ඇරඹි අතර එය ආරම්භ කළේ ඇමරිකානු ගොල්ෆ් ක්‍රීඩයෙක් විසින්. “ice bucket challenge” හි නීති පද්ධතියට අනුව මුලින්ම අභියෝගය භාරගෙන අයිස් වතුර බාල්දියකින් නාන පුද්ගලයා පැය 24 ක් තුළ තවත් පුද්ගලයෙකු නම් කළයුතු වෙයි. එලෙස පුද්ගලයෙකු නම් කිරීමට හෝ එම අයිස් වතුරෙන් නෑමේ අභියෝගය සම්පුර්ණ කරගැනීමට නොහැති වුවහොත් එම පුද්ගලයා විසින් ස්නායු රෝගී අරමුදලට ඩොලර් 100 ක මුදලක් තැන්පත් කල යුතු වෙයි.එම “ice bucket challenge” එක සම්පුර්ණ කර තමන් විසින්ම (අයිස් වතුර බාල්දියකින් නාගෙන ) එය යු ටියුබ් වීඩියෝවක් ලෙස පළ කර පැය 24 ක් තුළ මීළග අභියෝගකරුවා නම් කළ හොත් එම පුද්ගලයා පෙර කී අරමුදලට ඩොලර් 10 ක් යොමු කළ යුතුය.

අයිස් බකට් නෑම පිළිබඳව ශ්‍රී ලංකාවේ  ඔටාරාගෙන්  එල්ල වූ අභියෝගය මහේල හා සංගා භාර ගනිමින් අයිස් බකට් නෑම සිදු කළේය. ඉන් අනතුරුව මහේල විසින් ඇන්ජලෝ මැතිව්ස්, මයිකල් ක්ලාක් හා රාහුල් ඩ්‍රාවිඩ් මෙම අභියෝගය භාර ගැනීමට  නම්කරනු ලැබීය.

කුමාර සංගක්කාර සිය අභියෝගය විරාත් කෝලි, ඩේල් ස්ටෙන් හා ඇඩම් ගිල්ක්‍රිස්ට් වෙත ලබා දුන්නේය.

මහේල වැඩිදුරටත් සඳහන් කළේ තමන් අරමුදලට මුදල් පරිත්‍යාග කිරිමටද සූදානම්  බවයි. මේ පිළිබඳව මහේල හා සංගා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් එක්කර තිබුණි.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පුහුණුවිම් වලින් පසුව සංගා හා මහේල අභියෝගය භාර ගත්තේය.



ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතින අයිස් බාල්දි නෑමේ අභියෝගය මේ වනවිට ලොව සුප්‍රකට පුද්ගලයන් බොහෝදෙනෙක් විසින් භාරගෙන තිබේ.

බිල් ගේට්ස්, මාර්ක් සකර්බර්ග්, ඩේවිඩ් බෙකම්, ජස්ටින් බීබර්,ආක්ෂේ කුමාර්, සනී ලියොන්, ශ්‍රියා ගෝසාල් , ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වැනි ජනප්‍රිය පුද්ගලයන් රැසක් මේ වනවිටත් මෙම අභියෝගය ජයගෙන තිබේ.

මෙන්න ලොව ජනප්‍රිය පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අයිස් බකට් නාපු විඩියෝස් ටික බලාගන්න.

















මේ අතර ජනප්‍රිය පුද්ගලයින් බොහෝදෙනෙක් ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමාට අභියෝග කර තිබුණද ඔහු මෙම අභියෝගයට භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ බව ධවල මන්දිරය විසින් සනාථ කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අභියෝගයට මුහුණ නොදෙන පුද්ගලයන් විසින් ඇමෙරිකානු ඩොලර් 100ක මුදලක් ALS සංගමයට ලබා දිය යුතු වන අතර ඔබාමාද එම සංගමයට ආධාර කරනු ඇති බවද ධවල මන්දිරය දැනුම් දී තිබේ.
පමෙලා ඇන්ඩර්සන්,සෝනම් කපූර්,ප්‍රියංකා චොප්රා මේ ගැන ප්‍රසිද්ධියේ විරෝධය පල කරලා ප්‍රකාශ නිකුත් කරලා තියනවා.

ලෝක ප්‍රකට නළු නිළියන් රැසක් දායක වුව ද හොලිවුඩ් නිළි පමෙලා ඇන්ඩර්සන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඇය පවසා ඇත්තේ, ඖෂධ පරීක්ෂා කිරීම් සඳහා සතුන් යොදාගන්නා ආයතනයක අරමුදලක් වෙනුවෙන් තමන්ට පෙනී සිටිය නොහැකි බව ය.

ඊට අමතරව, බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මෙම අභියෝගය ප්‍රතික්ෂේප කර තිබේ.

ඇය සිය Twitter ගිණුමෙහි දක්වා ඇත්තේ, පිළිකා රෝගය හෝ නැවුම් ජලය වෙනුවෙන් ක්‍රියාත්මක වන සංවිධාන සඳහා ආධාර කිරීම වඩා ත් කාලෝචිත බව ය.

මීට අමතරව, බොලිවුඩ් නිළි සෝනම් කපූර් ද පවසා ඇත්තේ, ජල සම්පත විනාශ කරමින් Ice Bucket අභියෝගයට සම්බන්ධ වීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ය.

සොනක්ෂි සින්හාත් මෙ පිළිබදව විරෝධය පල කලේ මේ විදියට



ශ්‍රී ලංකාවේ අයිස් බකට් අභියෝගයේදී ඊට ප්‍රතිචාර දක්වමින් නව පරපුරේ නිර්මාණ ශිල්පියෙකු වන සචිත් පීරිස් මේ අයිස් බකට් නෑම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කරලා තියනවා.
 නමුත් ඒ වෙනුවට ඔහු ලංකාවේ අපට අලුත් අභියෝගයක් බාරදීලා තියනවා
මෙන්න සචිත් පීරිස්ගේ අභියෝගය




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top