Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
26
"රහස් ඔත්තු නිලධාරීන්ගේ ස්මාට්ෆෝනය"

"රහස් ඔත්තු නිලධාරීන්ගේ ස්මාට්ෆෝනය" - "රහස් ඔත්තු නිලධාරීන්ගේ ස්මාට්ෆෝනය"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,423 Views

ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුක‍රුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ. කෙසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයේ වෘත්තියක පසුවන ඔබට සාමාන්‍ය ආකාරයේ ස්මාට්ෆෝනයකින් ඔබගේ වෘත්තියට අදාළ සංවේදී තොරතු‍රු, දත්ත හුවමා‍රු කරගැනීමට, සන්නිවේදන කටයුතුවල යෙදීමට නොහැකි බවද අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම හඳුන්වාදෙන Boeing Black ස්මාට්ෆෝනය පැමිණෙන්නේ එම ගැටලුවට විසඳුමක් ලෙසටයි.

දළ ආකෘතියේ සිටම සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සන්නිවේදන හැකියාවන් තහවු‍රු කිරීම මූලික අවශ්‍යතාව ලෙස සලකමින් නිර්මාණය වී ඇති මෙම Boeing Black ස්මාට්ෆෝනය සෑමවිටම ඒ හරහා පසුවන දත්ත කේතනය කරන අතර, එහි දත්ත ගබඩාවන්ද විශේෂයෙන්ම කිසිවෙකුට පිවිසිය නොහැකි ලෙසින් සංකීර්ණ ඇල්ගොරිදමයන් භාවිත කරමින් ආරක්ෂා කිරීමට මූලිකත්වය ලබාදෙයි. එසේම දෘඩාංග මත පදනම් ක්‍රිප්ටෝ එන්ජින් පද්ධතියේම ස්ථාපිත ආරක්ෂණ උපක්‍රම, ආරක්ෂිත පණගැන්වීම් මෙහි පිහි‍ටුවා ඇති අතර, අතිවිශේෂිත ලෙසින් ආරක්ෂක උපක්‍රම දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් විශේෂ සංස්කරණයක් මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙසින් ක්‍රියාත්මක වේ.

මෙහි අඟල් 4.3 ක තිරයක් ඇති අතර, dual-core 1.2GHz ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එසේම LTE ඇතුළු වෙනත් ඕනෑම දියුණු ස්මාට්ෆෝනයක ඇති සම්මත දත්ත හුවමා‍රු තාක්ෂණයන්ද මෙහි තිබේ. ජේම්ස් බොන්ඩ් වර්ගයේ ස්මාට්ෆෝනයක් ලෙසින් සලකන විට මෙහි දෘඩාංග ශක්‍යතා මඳ බවක් ඔබට සිතෙන්නට හැකි වුවත්, සැබැවින්ම මෙම ස්මාට්ෆෝනය භාවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඉහළ ග්‍රැ‍ෆික් නිර්මාණ ඇති ක්‍රීඩා භාවිතය නොව ආරක්ෂිත සන්නිවේදනය හා සබැඳි යෙදුම් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

මෙහි ද්විත්ව සිම්පත් යෙදීමේ හැකියාවක් තිබේ. එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක් හෝ වෙනත් අවශ්‍ය උපාංගයක් සවිකළ හැකි දෘඩාංග විස්තීරණ පෝට් එකක්ද තිබේ. එසේම කලින් දෙන ලද නිර්ණායකයන්ට අනුව මෙම ස්මාට්ෆෝනය අනවශ්‍ය හස්තයකට පත්වන්නේ නම් ස්වයං-විනාශකාරී වැඩපිළිවෙළක් අනුගමනය කර විනාශයට පත්වීමටද ඊට හැකියාව තිබේ.

කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ මෙම Boeing Black ස්මාට්ෆෝනය මිලදීගැනීමට හැකියාව ඇත්තේ රජයේ අනුමැතිය ලත් ආරක්ෂක බුද්ධි අංශවල හෝ විශේෂ ආරක්ෂක ඒජන්සියක සේවයේ නියුතු අයෙකුට පමණක් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top