Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
15
"හැමදාම අද බැන්දා වගේ ඉන්න ඕනද? පෙම්වතුන්ටත් විශේෂයි"

"හැමදාම අද බැන්දා වගේ ඉන්න ඕනද? පෙම්වතුන්ටත් විශේෂයි" - "හැමදාම අද බැන්දා වගේ ඉන්න ඕනද? පෙම්වතුන්ටත් විශේෂයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,442 Views

යම් යුවළක් වසර 40 ක කාලයක් පුරා කිසිදු ගැටුමකින් තොරව රන් රස සේ යුග දිවිය ගෙවූ බව පැවසූවහොත් මට දැනෙන්නේ සතුටක් නොව මේ දෙදෙනා ගතකෙරූ නීරස යුගදිවිය ගැන කනගාටුවක් බව මනෝ විද්‍යාඥ නෝමන් විල්සන් පවසා තිබෙනවා .

ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එකට එක්වී ජීවත්වන විට ගැටලු පැන නැඟිය හැකි බව සැබෑය. වැදගත් වෙන්නේ අවබෝධයෙන් අපේ දුබලතා අපිම හඳුනාගෙන ඒවා අවමකර ගැනීමයි.

  • ඇරැඹුම වරදවා ගන්න එපා

අද බොහෝ දෙනා ප්‍රමුඛත්වය ලබාදෙන්නේ සරණ බන්ධනයට නොව සරණ මංගල්‍යටයි. එය ද ඉතා සංකීර්ණ පුහු ආටෝපවලින් යුක්ත වෙලා.

විවාහ මංගල සැරසිලි, ආරාධනා පත්‍ර, ඇඳුම් ආයිත්තම් යනාදී සියල්ලම විස්මය දනවන දේ බවට පත්වෙලා.

රූපවාහිනී නාලිකා ඔස්සේ මේවා පිළිබඳ සාකච්ඡා ද පවත්වනවා.

තම අවශ්‍යතාවයට වඩා වෙළෙඳ ලෝකයේ වුවමනාවක් බවට බොහෝ විවාහ මංගල්‍යයන් පත්වී ඇති බවයි පෙනෙන්නේ.

මේ දිනක රූපවාහිනියේ වැඩසටහනකදී තම විවාහය ගැන කතාකළ නව යුවළකි. මනාලියගේ සාරිය විසිතුරු කළ වර්ණයේ පැහැයට සරිලන සේ මනාලයාගේ කබායේ බොත්තම් සිංගප්පූරුවෙන් රැගෙන ඒමට සිදුවුණු බව පැවසුවේ මහත් ආඩම්බරයෙනි.

පසු දිනෙක මගේ මිතුරකු කළ ඉල්ලීමක් වූයේ දික්කසාද වෙන්නට යන යුවළකට සවන් දෙන්න කියලායි.

ඒ දෙදෙනාගේ මුහුණු මට හොඳ හැටි මතකයි. අර රූපවාහිනියේ තම විවාහය ගැන මහා ආඩම්බරයෙන් කතා කළ යුවළයි ඒ.

ඔවුන්ට මේ තත්ත්වය උදාවීමට හේතු වී තිබුණේ ඒ ජීවිතවල තිබුණු සංකීර්ණ බවයි.

ඔවුන්ගේ මංගල උත්සවයේ බොත්තම් තේරීමේ සිද්ධියෙන්ම එය මනාව තේරුම් ගන්නට පුළුවන්.

විවාහ ජීවිතයේ ඇරැඹුමේදී මෙවැනි නොවටිනා දෙයට වැඩි අවධානය යොමු කරන්නේ නම්, වැරැදියට ඇරැඹූ ගමනක් නිවැරැදි ලෙස අවසන් වෙන්නේ කෙලෙසද? විනයක් ශික්ෂණයක් තුළ අරඹනා ගමනක් තමයි නිවැරැදි ගමනාන්තයකින් කෙළවර කළ හැකි වෙන්නේ.

යුරෝපයේ යුග දිවි ඇරැඹූ නව යුවළක් ආහාර පිළියෙල කරද්දී මේ අලුත් බිරිය සොසේජස් එකක් බදින්න සූදානම් වෙලා එහි දෙපසින් කපා දමනවා. සැමියා එයට හේතුව විමසූ විට ඇය පවසන්නේ, හේතුවක් නම් නොදන්නා බවත් මව එසේ කළ නිසා තමා ද එය කළ බවයි. පසුව ඒ පිළිබඳ මේ දියණිය තම මවගෙන් විමසනවා. ඇය පවසන්නේ තමා ද මව අනුගමනය කළා මිස හේතුවක් නොදන්නා බවයි. අනතුරුව මේ දියණිය තම මිත්තණියගෙන් ඊට හේතු විමසනවා. ඇයගේ පිළිතුර වෙන්නේ තෙල් තාච්චිය කුඩා නිසා එයට සරිලන සේ දෙපසින් සොසේජස් එක කපා දැමූ බවයි. පරම්පරා දෙකක් අතර සංස්කෘතික හුවමාරුවේදී අනුකරණය කිරීම නොව නිර්මාණශීලීව බුද්ධිමත් තීරණ ගැනීම වඩා වැදගත් බවයි මගේ අවබෝධය වෙන්නේ.

  • අනෙකාගේ හද කම්පනයට ඔබේ හදවත සුසර කරන්න

විවාහ බන්ධනය සිදුවෙන්නේ දෙදෙනකු අතරේ නමුත් පවුල් දෙකක් එකට සම්බන්ධවීම ද මෙහිදී සිදුවෙනවා. මෑතකදී විවාහ වූ එක්තරා තරුණියක් මා සමඟ පැවසුවේ විවාහ වී සතියෙන් ඇයට විවාහ ජීවිතය කලකිරුණු බවයි. හේතු විමසීමේදී කියා සිටියේ තම සැමියාගේ මව දිනපතා උදෑසන සැමියාටත් තමන්ටත් තේ සාදා ගෙනත් දීමයි.

මේ පිරිමි දරුවාගේ පියා නැතිවෙලා තිබුණේ ඔහුට අවුරුදු 5 දීයි. එදා ඉඳලා මේ මවගේ ලෝකයම වුණේ තම එකම දරුවායි. මේ නිසා පුතා විවාහවුණු පසුවත් තම පුතාගේ බිරිය තමාගේම දුව ලෙස සලකා උදෑසන තේ සාදා ළඟටම ගෙනැවිත් දෙන්නට පුරුදු වුණා. ඒත් අලුත් මනාලියට මෙය රිසි වුණේ නැහැ. අවට අය පැවසුවේ නැන්දම්මාට ඕනෑ ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්න එපා යන්නයි. මවු සෙනෙහසේ ගැඹුර මේ යැයි වටහා දුන් පසු ඇය මහත් සේ සංවේගයට පත්වුණේ තමා අතින් සිදුවූ වැරැදි හැඟීම පිළිබඳ කනගාටුවෙමිනි.

  • ආවේග පාලනයකර සැනසීම අත්විඳින්න

දෙදෙනාම එකවර ආවේගශීලී වෙන්න එපා. එක්කෙනෙක්ගේ ආවේගය තුනී වෙනතුරු අනෙත් කෙනා පසුබසින්න. ගම්බද තරුණයෙක් කොළඹ නගරයෙන් ආවාහයක් කරගෙන නගරයේ පදිංචි වෙනවා. මාපියන් ජීවත් වුණේ ගමේ මහගෙදර. මව මියගියාට පස්සේ බිරියගේ ද ආශීර්වාදය ඇතිව මේ පුතා පියා නිවෙසට කැඳවාගෙන එනවා. ටික දිනක් ගතවන විට මේ බිරියගේ දින චර්යාවේ නොරිස්සුම් ස්වභාවයක් ගන්නවා. හේතුව විමසූ විට ඇය මහත් ආවේගයකින් පිළිතුරු දුන්නා.

“ඔයාගේ තාත්තාගෙ වැඩේ බුලත් හප හපා මිදුලට කෙළ ගහන එකයි. බලන්න මගේ ඇන්තූරියම් පෝච්චිවලටත් වැටිලා. හෙටම තාත්තාට පඩික්කමක් ගෙනත් දීලා කියන්න බුලත් කාලා පඩික්කමට කෙළ ගහන්න. මම හවසට හෝදලා තියන්නම් කියලා” ඒ අනුව පසුදින පඩික්කමක් ගෙනවිත් තාත්තාට දුන්නා. එදා පටන් බිරියගේ ආවේගය සංසිඳී ගියා.

මාසයකින් පමණ මේ කාන්තාව තම මිතුරියකට කතා කළා, අනේ මට තාත්තා ගැන දුකයි. එයා දැන් බුලත් කාලා පඩික්කමට කෙළ ගහනවා. හවසට තාත්තාම පඩික්කම පිරිසුදු කරලා තියනවා. එතැන් පටන් ඇය ඉකිබින්දා…. බොහෝ දෙනා ඉතා සුළු කරුණකටත් ගැටලු ඇතිකර ගන්නා ආකාරයත් ඉන් සිතක් තැළෙන සැටිත් මේ අත්දැකීම අපට පසක් කරනවා. වැඩිහිටියන්ට සලකන සංස්කෘතියක උරුමකරුවෝ වන අප කටයුතු කරන්න ඕනේ ඒ අයගේ සිත් නොතැළෙන ලෙසයි.

ඔබේ නම්‍යශීලී බව දකින සැමියා තුළ ඔබ පිළිබඳ භක්තිමත් හැඟීමක් ජනිත කරන්න එය හේතුවක්. ඒ වගේම දරුවන් වැඩිහිටි වූදා අපේ මාපියන් ආච්චි සීයා රැක බලාගත්තේ මේ ආකාරයෙන් යැයි සිතමින් ඔවුන් ද ඒ අනුව කටයුතු කරාවි. පුළුල් දෘෂ්ටි කෝණයකින් බලා ගැටලුව අපටම විසඳා ගත හැකිව තිබියදී ආවේගශීලීව කටයුතු කරමින් සංකීර්ණත්වයට පත්කර ගන්න එපා. එය අවසානයේදී ඔබේම සිත් රිදුමකින් අවසන් විය හැකියි.

ආවේගශීලී වීම වෙනුවට ආත්ම දමනයක් ඇතිව කටයුතු කිරීම සැනසීම උදාකරන බවයි මගේ විශ්වාසය.

  • විරසකයට හේතුව පිළිසඳර නැතිකම

එදා පෙම්වතුන් ලෙස ගතකරද්දී කතා කරන්න කොයි තරම් දේවල් තිබුණාද…? පැය 24 ත් මදි තරම් නේද…? කසාද බැඳලා ටික දිනක් ගතවනවිට කතා කරන්න දේවල් නැතිව යනවා. මානසික පීඩනය වැඩිවෙන්න මෙය ප්‍රබලම හේතුවක්. සාකච්ඡා කිරීමෙන් බොහෝ ගැටලුවලට විසඳුම් සොයාගන්න පුළුවන්කම තිබෙනවා.

ගෙවුණු අද දවස ආවර්ජනය කරන්නත් උදාවන හෙට දවස සැලසුම් කරන්නත් අඹු සැමියන්ට වෙලාවක් තියෙන්නම ඕනෑ.

එක්තරා බිරියක් නිවෙසේ සියලු කටයුතු අවසන්කර ඉඳුල් වළං සෝදා පසුදිනට ද අවශ්‍ය දෑ සූදානම්කර, නින්දට එන්නේ රෑ වෙලා. මේ වනවිට සැමියාට හොඳටම නින්ද ගිහින්.

මේ කාරණාව නිසා කලකිරීමට පතවූයේ ස්වාමිපුරුෂයායි. ඇත්තටම මේ වැඩ කටයුතු දෙදෙනාම ඉටුකළා නම් කොතරම් අගනේද?

එය දෙදෙනාගේම මානසික සතුටට හේතුවක්. ආත්මාර්ථය පටන්ගත් දා සිට ජීවිතයේ සතුටත් මිහිරියාවත් ජීවිතෙන් පළා යනවා.

විවාහවෙලා කාලයක් ගතවුණාම මේ පිළිසඳර බොහෝ සේ අඩු වෙනවා. ප්‍රේම කරන කාලේ අමතන වදන් දැන් අතුරුදන් වෙලා.

අම්මගෙයි තාත්තාගෙයි සංවාදවලට අතරමැදියන් වෙන්න දරුවන්ට සිදුවෙලා. “පුතේ තාත්තට බත් බෙදන්නද අහන්න” අම්මා කියනවා “දැන්ම ඕනේ නෑ කියන්න” තාත්තා එහෙම කියනවා.

නොරුස්සනා ස්වභාවයෙන් පසුවන විට මේ සංවාදත් පි‍්‍රය සංවාද වෙන්නේ නැහැ. උදාවන දවස ආදරණීයව අරඹන්නත් ආදරණීය අවසානයක් වීමටත් පි‍්‍රයශීලී පිළිසඳර හේතුපාදක වන බවයි මගේ හැඟීම.

දරුවන්ගේ පූර්වාදර්ශය මාපියවරුන්ය

එක්තරා පියකුගෙන් පුතෙක් මෙසේ විමසුවා. “ඇත්තටම තාත්තයි අම්මයි අතරෙ කවදාවත් ප්‍රශ්නයක් තිබුණේ නැද්ද?”

“පුතේ අපේ අතරේ ප්‍රශ්න ඇතිවුණා. අපි ඒවා ඕගොල්ලො ඉස්සරහ කතාබහ කළේ නෑ” තාත්තා කිවුවා.

  • මෙය කෙතරම් විශිෂ්ට සංසිද්ධියක්ද?

දරුවාගේ නිර්මල ළමා ලෝකයට මාපියන්ගේ ගැටලු කිසිදා මුසු කරන්න එපා. මල් වගේ සුන්දර ළමා සිත් මේ නිසා දුර්වල වෙන්නේ යළිත් සුවපත් කළ නොහැකි ලෙසටයි. දරුවන්ගේ වැඩ කටයුතු දෙදෙනාම ඉටුකරන්න. දරුවන්ගේ පාසලේ දී දෙන හෝම් වර්ක් නිවෙසේදී කියාදෙන්න තාත්තටත් පුළුවන්.

හෙළයේ මහා පඬිරුවන කුමාරතුංග මුනිදාසයන් පියසමර නමින් පිය ගුණ ග්‍රන්ථයක් රචනා කළේ තමන්ගේ කුඩා කාලයේ පියාගෙන් එතුමාට ලැබී තිබූ ආභාෂයයි. දෙවියන් ඔබට දරුවන් ලබාදී ඇත්තේ ඔවුන් කුමර කුමරියන් කරාවි යන බලාපොරොත්තුවෙන්. බයිබලයේ සඳහන් වෙන්නේ එලෙසටයි.

ජීවිත කන්ද පඩි 100 කින් සමන්විත යැයි සිතන්න. අවබෝධයෙන් ශික්ෂණයෙන් ඔබ පඩි 10 ක් නගින්න. ඉතිරිව ඇත්තේ තව 90 ක් පමණයි. තවත් පඩි 10 ක් නැංග පසු ඉතිරි වන්නේ තව පඩි 80 යි. ක්‍රම ක්‍රමයෙන් ඔබ ඉහළට ගමන් කරාවි. සාර්ථකත්වය වෙත ළංවී ඇති බව ඔබට පසක් වේවි. මෙහිදී අවශ්‍ය වන්නේ එකම දෙයයි. දෙදෙනාම අත්වැල තදින් අල්ලා ගැනීමයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top