Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
14
"ගුරුවරියන් බදවා ගනුලැබේ කන්‍යා භාවය අත්‍යවශ්‍යයි"

"ගුරුවරියන් බදවා ගනු ලැබේ කන්‍යා භාවය අත්‍යවශ්‍යයි" - "ගුරුවරියන් බදවා ගනුලැබේ කන්‍යා භාවය අත්‍යවශ්‍යයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,421 Views


බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර කාන්තාවන්ට ගුරුවරියක් වීමට නම්  කන්‍යාභාවය අනිවාර්ය බව විදෙස් වාර්තා කියයි. සාඕ  පෝලෝ නුවර  ගුරු වෘත්තිය සදහා පැවැත්වෙන විභාගයට මුහුණු දීමට පෙර කන්‍යාභාවය පිළිබදව වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය කර තිබේ. මෙම වෛද්‍ය වාර්තා අනුව කන්‍යාභාවය සහිත කාන්තාවන්ට පමණක් සාඕ පොලෝ නුවර ගුරුවිභාගය සදහා පෙනී සිටිය හැකි බව වාර්තා වෙයි.

ගුරුවරියන් සෞඛ්‍ය සම්පන්නව සිටීම අත්‍යවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බව සාඕ පෝලෝ නුවර අධ්‍යාපන බලධාරීන් පවසා තිබේ.විශේෂයෙන්ම අසනීප වීම් ප්‍රසුත නිවාඩු යාම් ආදිය නිසා අධ්‍යාපනය බිද වැටෙන බවත් මෙම තත්වය වළක්වා ගැනීම සදහා කන්‍යාවියන් පමණක් ගුරු වෘත්තියට බදවා ගැනෙන බවත්  ඔවුන්ට කන්‍යාභාවය පවත්වාගෙන යාමට පරිවාස කාලයක් ලබා දෙන බවත් එරටින් ලැබෙන වාර්තා සදහන් කරයි.

නමුත් මෙම තීරණය සාඕ පොලෝ නුවර කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධාන විසින් හෙළා දැක ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ මෙමගින් කාන්තාවන්ගේ නිදහස උල්ලංඝනය  කෙරෙන බවයි.කාන්තාවන්ගේ පෞද්ගලික ජීවිතය සහ වෘත්තිය ජීවිතය යනු  එකක් නොව දෙකක් බව එම සංවිධාන සදහන් කරයි. මේ නිසා මෙම නීතිවලට එරෙහිව සටන් වදින බව බ්‍රසීල කාන්තා ක්‍රියාකාරී සංවිධාන සදහන් කරයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top