Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
23
"කෙල්ලන්ගේ කකුල් වලට කැමති සංජේ දත්"(Video)

"කෙල්ලන්ගේ කකුල් වලට කැමති සංජේ දත්"(Video) - "කෙල්ලන්ගේ කකුල් වලට කැමති සංජේ දත්"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,678 Views



පහතින්  Video එකත් ඔයාට බලාගන්න පුලුවන්.


ඔබේ ජීවිතය ජයග්‍රහණ, සාර්ථකත්වයන්් වගේම ගැටුම්කාරී බවිනුත් පිරිලා. එය සරල සැහැල්ලු ජීවිතයක් නෙවෙයි නේද?
මම සටන්කරුවෙක්. ජීවිතය සමඟ මම සටන් කරනවා. කිසිම දවසක ප්‍රශ්න ඉදිරියේ පලා යන්නෙ නෑ. ඒවට මුහුණ දීලා සටන් කරලා ජය පරාජය දෙකම විඳගන්නවා.
ඔබ දිගු කලක් සිරගතව සිටියා. පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. පසුව හිටිගමන්ම ඔබ ජීවිතය දිනුවා. බොහෝ අයට නැති මේ දරාගැනීමේ ශක්තිය කොහෙන්ද ඔබ ගත්තේ?
ප්‍රශ්නය දිහා බලන්න, එයට මුහුණ දෙන්න. ඒත් මම කිසිම විටෙක එහෙම කළේ නෑ. මම මත්ද්‍රව්‍ය ගත්තා සමහර ප්‍රශ්න අමතක කරලා පලා යන්න. ඒත් මත නැති වුණාම ප්‍රශ්නය එහෙමම තිබුණා. මත්ද්‍රව්‍ය මට ප්‍රශ්න විසඳගන්න උදවු වුණේ නෑ. ඉතින් මම මත්ද්‍රව්‍යවලින් ඉවත් වුණා.


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ හිරගෙදර ගත කළ ජීවිතය ගැන මොනවද දැන් හිතන්නෙ?
පසුතැවිලි වෙන්නේ නෑ. ඒවා ජීවිතයෙන් මට ලැබුණ පාඩම්. මම ඒවගෙන් ඉගෙන ගත්තා.
ඔබට සතුරුකම් කළ අය ගැන මොනවද හිතෙන්නෙ?
මම හදවතින් ඔවුන් සියලු දෙනාට සමාව දීලා මගේ හිත නිදහස් කර ගත්තා.
ඔබේ වේදනාකාරී අවස්ථාවන්වල ක්‍ෂේත්‍රයේ අය ඔබේ පැත්තේ හිටියද ඔබ ඔවුන්ට දුන් ආදරය ආපසු ලැබුණද?
ඔව්. එකම පවුලේ අය වගේ මගේ දුකේදී ඔවුන් මාත් එක්ක හිටියා. විශේෂයෙන්ම සියොන් චෑන්.


ඒ සිදුවීම පිළිබඳ යම් පුද්ගලයන් පිළිබඳව ඔබ පසුතැවිල්ලෙන් සිටිනවද?
මම හිරේ ඉද්දී තාත්තා ඇවිත් කිව්වා, "මම ඔයාව ඉක්මනට එළියට ගන්නවා දුක්වෙන්න එපා" කියලා මගේ අත් දෙක අල්ලගෙන. දින, සති, මාස ගත වුණා. ඒත් එයාට බැරි වුණා ඒක ඉක්මනට කරන්න. මාස 06කට පස්සෙ මම ඇහුවා මොනවද ඔයා කරන්නෙ කියලා. මට ඔයා වෙනුවෙන් මොනවත්ම කරන්න ඉතුරුවෙලා නෑ කියලා එයා කියද්දි අසරණකමෙන් මාව සම්පූර්ණයෙන් බිඳ වැටුණා.
ඔබ නිර්භීත මිනිහෙක් විදියට ප්‍රේම සම්බන්ධතා ගැන හිතන්නෙ කොහොමද?
මම ආදරයට ආදරය කරන මිනිහෙක්. අවු. 16දී ආදරය කරනකොට වගේ නෙවෙයි. මම දැන් ඊටත් වඩා ප්‍රේමණීයයි.


ආදරය කරපු අයගේ නම් ලිස්ට් එකක්ම තියෙනවා නේද?
අපොයි ඔව්. තවත් ලිස්ට් එක දික්වෙමින් තියෙනවා.
විවාහ දෙකක් කරගත්ත කෙනෙක් හැටියට විවාහය ගැන හිතන්නෙ මොනවද?
විවාහය කියන්නෙ කැපවීමක්. අපි එය පිළිගත යුතුයි. අපි බොහෝ දේ ඒ සඳහා පරිත්‍යාග කළ යුතුයි. මට නම් පී්‍රතිමත් විවාහ ජීවිතයක් නෑ.
ඔබගේ මුල්ම සම්බන්ධතාව කා සමඟද?
ඒක චීනයේදී වුණේ.


ඔබ කාන්තාවන් ගැන කලකිරීමෙන්ද ඉන්නෙ?
කවදාවත් නෑ.
කී වතාවක් ඔබ ඇත්තටම ආදරය කරල තියෙනවද?
හැම වතාවෙම. මම ආදරවන්ත කෙනෙක්. මගේ හැම පෙම්වතියකටම මම ඇත්තටම ආදරය කළා. විශ්වාස කළා.
හැමෝටම ආදරය කළාට හැමෝම කසාද බඳින්න බැහැනෙ?
එහෙම වුණොත් ඩ්ඥචපබ චබබචජඬ හැදෙයි. ආදරය කියන්නෙ ඩ්ඥචපබ චබබචජඬ එකක් තමයි. හදවතටම ගහන්නෙ.


ඔබ ඔබව විස්තර කරන්න වචන තුනකින්.
(1). කාමුකයි. (2). පිරිමියෙක් (3). මාතෘකාවක්
පවුලේ අය හැර ඔබ විශ්වාස කරන කෙනෙක්.
යාස් චොප්රා.


සුස්මිතා සෙන් ගැන වචන තුනක්.
(1). ලස්සනයි (2). සුකොමාලයි (3). කොටි දෙනක්.
සංජේ දත්ගේ නරකම දේ?
කරුණාවන්ත වීම.


හොඳම දේ?
කරුණාවන්ත වීම.
කාන්තාවකගේ ඔබට වඩාත් ආකර්ෂණීයම ශරීරාංගය?
පාද. ඒවා පිරිසුදුයි නම් ඇගේ ශරීරයේ හැමතැනම පිරිසුදුයි.
ඔබට සරාගීතම කාන්තාව ඉන්දියාවේ?
මල්ලිකා ෂෙරාවට්.


ඔබ අවසාන වතාවට හැඬුවේ?
මාස දෙකකට විතර කලින්. යාස් චොප්රා ඉස්පිරිතාලෙ ඉද්දී මම බලන්න ගිය වෙලාව විනාඩි 5ක් විතර මට ඇඬුණා. යාස්ට මරණයෙන් බේරෙන්න බැරි බව දැනුණා.
ඔබ හිතන විදියට ජීවත්වීමේ කලාව?
දන්දීමේ කලාව.


ඒ කිව්වේ?
තමන්ගේ දේවල් අනුන්ට දීම. ජීවත්වීමට හුස්ම, හිතේ සංහිඳියාව වගේ.
ඔබ ඔබ ගැන අහපු අමුතුම කටකතාව?
මම යක්කුන්ට කැමැති කියලා, විශේෂයෙන්ම බූරුවන්ට.
සුනිල් දත් ඔබේ පියා දේශපාලකයෙක් වීම ගැනද නළුවෙක් වීම ගැනද ඔබ සතුටුවන්නේ?
නළුවෙක් වීම.


ආදරයටද කාමයටද වැඩි කැමැත්ත?
ආදරය කරන්න.
අභිෂේක්ටද, සුනිල් ෂෙට්ටිටද වැඩියෙන් කැමැති?
ඒ දෙන්නටම වඩා කරන් ජොහාර්ට.
සුස්මිතාසෙන්ටද ඓශ්වර්යාටද වැඩියෙන් කැමැති?
සුස්මිතා සෙන්.


එයා සාරියක් ඇඳන් ඉන්නවටද දුහුල් ඇඳුමක් අඳිනවටද ආස?
සාරියක්.
සල්මන් ඛාන්ටද ෂාරුක් ඛාන්ටද කැමති?
සල්මන් ඛාන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top