4,004 Views
නව වසර සැමරීම සදහා බොලිවූඩ් සුපිරි තරු රැසක් මේ වන විටත් විදෙස් සංචාර සදහා එකතු වී ඇති බව වාර්තා වෙනවා. ඒ අතර සුපිරි නළු ෂාරුක් ඛාන් සිය පවුල සමඟ තායිලන්තයටත්,අභිෂේක් බච්චන් සහ අයිශ්වර්‍යයා රායි බච්චන් ඩූබායි නුවරටත් ගොස් ඇති බවටයි ඉන්දීය මාධ්‍යය වාර්තා කරන්නේ.රිතික් රෝෂන් තමන්ගේ වසර 17ක ආදරයට සමුදෙමින් නව වසර ලොස් ඇන්ජලිස් නුවර සමරද්දී ඔහූගේ බිරිඳ මෙන්ම දරු දෙදෙනාත් පසුගියදා නව වසර සැමරීම සදහා විදෙස් ගත වූනා.නමුත් ඒ කුමන රටකටදැයි තවම වාර්තා වී නැහැ.කෙසේ නමුත් බොලිවූඩ් මාධ්‍යය පෙන්වා දෙන්නේ රිතික්ගේ බිරිඳට රිතික් සමඟ පැවති විවාහය බිඳවැටීම තදින් දැනී නොමැති බවයි.
මේ අතර බොලිවූඩයේ මේ දිනවල පුවත් මවන ආදරවන්තයින් යුවල රන්බීර් සමඟ කත්‍රිනාත් නව වසර සැමරීම සඳහා තෝරා ගෙන ඇත්තේ සීතල ස්විට්සර්ලන්තයයි.මොවුන් දෙදෙනා වෙනවෙනම ගුවන්තොටුපලෙන් පිටත් වූවත් දෙදෙනාම ගියේ එකම රටකට බවයි බොලිවූඩ් මාධ්‍යය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.එමෙන්ම කරීනා කපුර් සමඟ සයිෆ් අලි ඛාන්ද නව වසර සැමරීම සදහා මේ වන විටත් බොලිවූඩයෙන් පිටත් වී අවසන්.දීපිකා,ෂයිඩ් කපූර්,ප්‍රියංකා මෙන්ම තවත් තරු රැසක් නව වසර උදා වීමෙදී බොලිවූඩයේ රැදී නොසිට විදෙස් රටවල සිට නව වසර සමරනු ඇති බවයි ආරංචිමාර්ඟ පෙන්වා දෙන්නේ.
විදෙස් ගතවෙන මොහොතේ ජායාරූපයට නැගුණු බොලිවූඩ් තරු....

රිතික් රෝෂන්ගේ බිරිඳ සමග දරුදෙදෙනා...
