Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
22
"හොල්මන් වලට බය වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම"

"හොල්මන් වලට බය වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම" - "හොල්මන් වලට බය වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,371 Views

රී ලංකාව සහ එංගලන්තය අතර පැවති ක්‍රිකට් තරගාවලිය අතරතුර එංගලන්ත ක්‍රීඩකයින් රැඳී සිටි ලන්ඩන්හි ලැංගම් හෝටලයේ (Langham Hotel) පැවති බව කියන අවතාරවලින් එංගලන්ත ප්‍රබල ක්‍රීඩකයින් රැසක් බියට පත්ව නිදි නොලබා සිටි බව වාර්තා වේ.

මෙම තොරතුරු හෙළි කර ඇත්තේ, එම අත්දැකීමට මුහුණ දුන් එංගලන්ත ක්‍රීඩකයින් ම ය.

cricket ghost_broadඅවතාර හේතුවෙන් වැඩියෙන් ම බියට පත්ව ඇත්තේ, එංගලන්ත වේග පන්දු යවන්නෙකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ් ය.

ඔහු SportsMail පුවත්පතට පවසා ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගාවලිය අතරතුර ලැංගම් හෝටලයේ තමන් රැඳී සිටි කාමරය තුළ භයානක සිද්ධියක් අත්දුටු බව ය.

තමන් කාමරයේ විදුලි බල්බ නිවා දමා නින්දට ගිය විට නාන කාමරයේ කරාම ඇරී ජලය ගලන ශබ්දයක් ඇසුණු බව ඔහු ප්‍රකාශ කළේ ය.

එය පරීක්ෂා කිරීම සඳහා විදුලි බල්බය දැමූ විට ජල කරාම නැවතී ඇති අතර යළි බල්බය නිවූ පසු යළි ත් කරාමයෙන් ජලය ගලන ශබ්දය ඔහුට ඇසී ඇත.

ඔහු ප්‍රකාශ කළේ, මෙම සිද්ධියෙන් තමන් විශාල භීතියකට පත් වූ බව ය.

priorපසුව ඔහු විදුලි බල්බය දමා පරිගණකයෙන් ඉන්ටර්නෙට් හරහා සිය සගයින් සොයන අතර කණ්ඩායමේ කඩුලු රකින්නා වන මැට් ප්‍රයර් online සිටින බව දැන ඔහුගේ කාමරයට ගොස් තිබේ.

මැට් ප්‍රයර් ද පවසා ඇත්තේ, තමන්ට ද නොයෙකු ශබ්ද ඇසුණු හෙයින් තමන් ද බියට පත්ව සිටි බව ය.

පසුව ස්ටුවර්ට් බ්‍රෝඩ් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම වෙනත් ස්ථාන වෙත මාරු වීම සඳහා ඉල්ලා ඇත.

ලන්ඩන්හි ලැංගම් හෝටලය (Langham Hotel) 1865 වසරේදී වේල්ස් කුමරු විසින් විවෘත කරනු ලැබ ඇති අතර, ෂර්ලොක් හෝම්ස් කතා රචක ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්, ඔස්කා වයිල්ඩ් වැනි ලෝක ප්‍රකට පුද්ගලයින් රැසක් මෙහි ලැගුම්ගෙන ඇත.

මෙහි ක්‍රියාත්මක වන අවතාර කිහිපයක් පිළිබඳ කතා එංගලන්තය තුළ ප්‍රචලිත වී තිබේ.

ඉන් වඩා ත් ප්‍රකටව ඇත්තේ, මධුසමය අතරතුර සිය බිරිඳ මරා දමා සිය දිවි හානි කරගත් ජර්මානු වෛද්‍යවරයෙකුගේ අවතාරය පිළිබඳ කතාවකි.

මේ අතර, එම හෝටලයේ 333 වන කාමරයේ අවතාර සැරිසරන බවට ද තොරතුරු වාර්තා වී තිබේ.



ෂර්ලොක් හෝම්ස් කතා රචක ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්



ලන්ඩන්හි ලැංගම් හෝටලය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top