3,419 Views
පසුගිය දෙසැම්බර් 20 වෙනිදා නිකුත් වූ සුපිරි බොලිවූඩ් සිනමා නිර්මාණය ඩූම් 3 චිත්‍රිපටය දින තුනක් තුලදී නව ආදයම් වාර්තා රැසක් තමන්සතු කර ගන්න සමත්කම් දැක්වූවා.ඒ වාර්තා බොහෝමයක් මේ වසරේ නිකුත් වූ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රිපටය තබා තිබූ වාර්තා වීමද විශේෂත්වයක්. ඒ වාර්තා අතරට අඩුම කාලයකදී ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව පසුකිරිම,ඇමෙරිකාව කැනඩාව මෙන්ම බොහෝ රටවල බොලිවූඩ් චිත්‍රිපටයක් නිකුත් වූ මුල් දිනයේ ලැබූ ඉහලම ආදයම් ලැබීම වැනි වාර්තා රැසක් ඇතුලත්.
මේ සාර්තකත්වයට හේතු දක්වන සිනමා විචාරකයින් පවසන්නේ අමීර් ඛාන්ගේ සුපිරි රංඟනය මෙන්ම ඩූම් 3 චිත්‍රිපටයේ ප්‍රචාරණ උපක්‍රම මීට හේතුවනු ඇති බවයි.මීට පෙර ඉන්දීය රුපියල් කෝටි 100යේ සිමාවට අඩුම කාලයකදී ලඟා වූ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රිපටය ඊට දින 04ක් වැයකල අතර ඒ දින 4 ඇතුලත් ඉපයූ සමස්ත ආදයම වූයේ ඉන්දිය රුපියල් කෝටි 100.42. නමුත් ඩූම් 3 සිනමා නිර්මාණය දින තුනක් වැනි කෙටි කාලයකදී වාර්තා අතරට එක්වෙමින් ඉපයූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 107ක්. ඒ අනූව කාගේත් මතය වී ඇත්තේ එදාමෙදාතුර ඉහලම ආදයම් වාර්තාවත් ඩූම් 3 සිනමා නිර්මාණය බොහෝ ඉක්මනට බිඳ දමනූ ඇති බවයි.
Dhoom 3 Wallpaper පහතින්...
