Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
18
"කඩාවැටුණු ගුවන්යානයේ නවතම ජයාරූප"

"කඩාවැටුණු ගුවන්යානයේ නවතම ජයාරූප" - "කඩාවැටුණු ගුවන්යානයේ නවතම ජයාරූප"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,104 Views

මලයාසියානු ගුවන් යානය කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරයකට ලක්වී ඇති බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහෙත් කැරලිකරුවන් ඒ පිළිබඳ යුක්රේන රජයට චෝදනා කරනවා. කෙසේ නමුත්, යානය කඩා වැටී ඇත්තේ කැරලිකරුවන් අත පවතින ග්‍රාබෝවෝ අසල ගම්මානයකටයි. එහි දිවි ගලවා ගත් කිසිවෙකු සොයා ගෙන නැහැ. එම්.එච්.17 මලයාසියානු ගුවන් යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු දැන් ප්‍රකාශයට පත්වී තිඛෙනවා. ඒ අනුව, එහි නෙදර්ලන්ත ජාතිකයන් 154 දෙනෙකු, ඕස්ටේ්‍රලියානු ජාතිකයන් 23 දෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයන් 11 දෙනෙකු ගමන් කර තිඛෙනවා. ඊට අමතරව, බි්‍රතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු, ජර්මන් සහ ඛෙල්ජියම් ජාතිකයන් 4 දෙනෙකු බැගින් සහ පිලිපීන ජාතිකයන් 3 දෙනෙකු මෙන්ම, කැනේඩියානු ජාතික මගියෙකු ද ගමන් කර ඇති බව සඳහන්. යානයේ කාර්ය මණ්ඩලයේ 15 දෙනාම මලයාසියානු ජාතිකයන්. එහි   ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු නොසිටි බව ගුවන් සේවයේ බලධාරින් මෙන්ම, නෙදර්ලන්තයේ      ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද තහවුරු කළා.
 
මලයාසියානු ගුවන් යානයක් මෙලෙස මේ වසර තුළ ඛේදවාචකයකට මුහුණ දුන්නේ දෙවැනි වතාවටයි. පසුගිය අප්‍රේල් මාසයේදී මලයාසියාවේ සිට චීනය බලා මගීන් 239 දෙනෙකු රැගෙන ගමන් ගත් එම්.එච්.370 යානය ගුවනේදී අතුරුදන් වූ අතර ඒ පිළිබඳ හෝඩුවාවක් හෝ මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැහැ.

(ජයාරූප ඩේලි මේල් ඇසුරෙන්)



































































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top