Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
09
"හතට එකේ කතන්දරේ"(VIDEO)

"හතට එකේ කතන්දරේ"(VIDEO) - "හතට එකේ කතන්දරේ"(VIDEO)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,631 Views

බ්‍රසිලය සමග පැවැති අවසන් පූර්ව තරගය ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ විශිෂ්ටතම අවසන් පූර්ව තරග වලින් එකක් බවට පත් කරමින් වාර්තා පිට වාර්තා බිහිකළ ජර්මනිය ගෝල 7-1ක ජයක් ලබා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්විය. එය එක්සත් ජර්මනියක් බිහිවීමෙන් පසුව ජර්මන් කණ්ඩායමක් ලෝක කුසලාන පාපන්දු තරගමාලාවක අවසන් මහා තරගයට පිවිසි පළමු අවස්ථාව ද වේ.

බෙලෝ හොරිසෙන්තේ ක්‍රීඩාංගණයේ දහස් සංඛ්‍යාත බ්‍රසීල ක්‍රීඩාලෝලීන්ගේ ජයඝෝෂා අතරින් ආරම්භ වූ එම තරගය නිමාවට පත්වූයේ ඔවුන්ගේ කඳුළු, සුසුම් හා වේදනාත්මක විලාප හඬ මැදිනි. මෙම පරාජය, සිය පාපන්දු ඉතිහාසයේ බ්‍රසීලය ලැබූ වඩාත්ම දරුණු පරාජය බවට පත්වූ අතර වසර 94 කට පසුව ඔවුන් ලැබූ විශාලතම පරාජය ලෙසත් වාර්තාපොතට එක් වුනා.

මීට පෙර, 1920 දී කෝපා අමෙරිකා  පාපන්දු තරගමාලාවේ දී ඔවුන් උරුගුවේ පිල හමුවේ ගෝල 6-0 කින් පරාජයට පත්වී තිබිණි.

සුපිරි ක්‍රීඩක නේමර් ආබාධයකට ලක්වීමත්, නායක තියාගෝ සිල්වා තරග තහනමකට ලක්වීමත් මත ඔවුන් මේ තරගයට අවතීරණ වූයේ නවක ක්‍රීඩකයන් දෙදෙනකු සමගිනි. කණ්ඩායමේ නායකත්වය ඩේවිඩ් ලුයිස්ට හිමිවී තිබිණි.

පළමු මිනිත්තුවේ සිටම ජර්මනිය වෙතින් බ්‍රසීලයට ප්‍රබල තර්ජනයක් එල්ල විය. එය දෙගුණ තෙගුණ වූයේ 11 වැනි මිනිත්තුවේ දී ජර්මනියේ ප්‍රබලතම ක්‍රීඩක තෝමස් මුලර් විශිෂ්ට ගෝලයක් ගැසීමත් සමගය. මුලර්ගේ ගෝලය වාර්තා වුයේ ටෝනි ක්රූස් යොමුකළ කෝනර් පහරක් සාර්ථක කර ගැනීමෙනි.

ඊට මිනිත්තු 11කට පසුව මිරොස්ලව් ක්ලෝස් ගැසූ වාර්තාගත ගෝලයත් සමග 2-0 කින් පෙරමුණ ගත් ජර්මනිය ඉතා වේලාසනින්ම බ්‍රසීලය අනපේක්ෂිත පීඩනයකට ඇද දැමුවේය. එම ගෝලයත් සමග ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලැබූ ක්‍රීඩකයා බවට පත්වීමට ක්ලෝස් සමත්විය. මීට පෙර බ්‍රසීලයේ රොනල්ඩෝ සමග එම වාර්තාවට සමව හිමිකම් කී මිරොස්ලව් ක්ලෝස් දැන් එහි තනි අයිතිකාරයා වී සිටී.

ක්ලෝස්ගේ ගෝලයෙන් බෙලෝ හොරිසෙන්තේ ක්‍රීඩාංගණය එහෙම පිටින්ම එකම විලාපයක් බවට පත් කරමින් බ්‍රසීල ක්‍රීඩාලෝලින්ගේ හැඬීම ආරම්භ විය. ඉන් අනතුරුව පිටියේ සිදුවූයේ කුමක්දැයි කිසිවකුට මතකයට ගැනීමට උවමනා කරන්නේ නම් නැවත එම දසුනේ වීඩියෝ පුනරූපන බැලිය යුතු තරම් ඉක්මනින් ගෝල පිට ගෝල ගැසීමට ජර්මානු ක්‍රීඩකයෝ සමත්වූහ.

පළමු මිනිත්තු 30 ගතවෙද්දී බ්‍රසීල ක්‍රීඩකයන්ට සිතාගැනීමටවත් කාලයක් නොදුන් ජර්මානුවන් ගැසූ ගෝල සංඛ්‍යාව 5 ක් විය. ක්ලෝස්ගේ ගෝලය තරගයේ 22 වැනි මිනිත්තුවේ වාර්තාවීමෙන් පසුව 24 වැනි මිනිත්තුවේ හා 26 වැනි මිනිත්තුවේ ගෝල ද්විත්වයක් ලබා ගැනීමට ටෝනි  ක්රූස් සමත්විය. 29 වැනි මිනිත්තුවේ සමි කෙඩීරා ගැසූ ගෝලයත් සමග බ්‍රසීල ක්‍රීඩකයෝ අන්දමන්ද වූහ.

එතරම් වේගයෙන් ගෝල 5ක් එක දිගට වාර්තා වීම පාපන්දු පිටියක දුලබ සිදුවීමකි. එම ගෝල 5ම  වාර්තා වූයේ මිනිත්තු 18ක් වැනි සුලු කාලයක් ඇතුළතය. බ්‍රසීලය වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව ඔවුන්ගේම රටේදී එවැනි දස්කමක් පෙන්වීමට තරම් හපනකු මින් පෙර සිටියේ නැති බව ඒ මොහොතේ රූපවාහිනි විස්තර විචාරකයකු කියා සිටියේය.

නාට්‍යමය ස්වරූපයක් ගත් එම කෙටිකාලයේ ප්‍රධාන භූමිකාව රඟ දැක්වූයේ ජුලියෝ සීසර්ය. ඔහු බ්‍රසීලයේ දැල් රකින්නාය.

ජර්මානු ක්‍රීඩකයන් වේගයෙන් පන්දුව එකිනෙකා අතර හුවමාරු කරගැනීම විස්මිතව බලා සිටිනවා හැරෙන්නට ජුලියෝ සීසර්ට කළ හැකි අන් දෙයක් තිබුණේ නැත. පළමු භාගය එලෙස නිමාවට පත්වූ අතර එම කාලය තුළ ජර්මානු දැළ රකින්නාගේ සීමාවට පන්දුව ගෙනයාමට බ්‍රසීල ක්‍රීඩකයන් සමත්වූයේද නැත.

නමුත් දෙවැනි භාගයේ දී තරගයට අවතීරණ වීමට දැඩි උත්සාහයක් ගත් බ්‍රසිල ක්‍රීඩකයෝ අවස්ථා ගණනාවකදීම ජර්මානු දැළ් රකින්නා අව්වේකි කළහ. එහෙත් කැපී පෙනෙන දස්කම් පාමින් ඒ සියලු උත්සාහයන් මැඩ පැවැත්වීමට ජර්මානු දැළ රකින මැනුයෙල් නිවුර් සමත්විය. ඒ අතරතුර ක්ලෝස් වෙනුවට පිටියට පැමිණි ජර්මනියේ අතිරේක ක්‍රීඩක අන්ද්‍රේ ෂූර්ල් මිනිත්තු 10ක් ඇතුළත ගෝල ද්විත්වයක් ගසා 7-0 ක් ලෙස ජර්මනිය තවත් ඉදිරියට ගෙන ගියේය.

බ්‍රසීල ක්‍රීඩකයන් දැන් විවේකාගාරයට දුවන්නට නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බවත්, ඔවුන්ට සැඟවෙන්නට තැනක් සෙවීමට සිදුවී ඇති බවත් විචාරකයෝ කියා සිටියහ. ‍

ශේක්ස්පියර්ගේ ශෝකාන්තයක් ලෙසින් තරගය නිමාවට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔස්කාර් ගෝලයක් ගසා ලකුණු පුවරුව 7-1 ක් කළේය.

දැන් බ්‍රසීලය තරගමාලාවේ තුන්වැනි ස්ථානය හෝ දිනා ගැනීමේ අරමුණින් පසුවන අතර ජර්මනිය ලබන 13 වැනිදා මරකානා ක්‍රීඩාංගණයේ දී කුසලානය දිනා ජයපැන් බීමට සූදානමින් පසුවෙයි.

මෙන්න VIDEO එක



මෙන්න ෆොටෝස් ටික












Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top