Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jul
02
"ස්මාර්ට් දුරකථන වලින් සජීවී සංගීත ප්‍රසංග"(Video)

"ස්මාර්ට් දුරකථන වලින් සජීවී සංගීත ප්‍රසංග"(Video) - "ස්මාර්ට් දුරකථන වලින් සජීවී සංගීත ප්‍රසංග"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,469 Views

ලෝකයේ මෙන්ම අප රටේද සියලුම සජීවී සංගීත ප්‍රසංග සඳහා සංගීත භාණ්ඩ සහ ඊට අවශ්‍ය වන මයික්‍රෆෝන් දක්නට ලැබේ. නමුත් ඉන්දියාවේ නවදිල්ලියේ සංගීත කණ්ඩායමක් විසින් එම සංකල්පය වෙනස් කරමින් සංගීත භාණ්ඩ නොමැතිව, ස්මාර්ට් ජංගම දුරකථන වලින් සහ ටැබ්ලට් මගින් සජීවී සංගීත ප්‍රසංග ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.


සංගීත කණ්ඩායමේ නාමය වනුයේ Rave iBand ය. ඔවුන්ගේ නව පෙරළිය ආරම්භ වනුයේ බොලිවුඩයේ චිත්‍රපට ගීතයක් වන 'Sheila Ki Jawani' ගීතය JAZZ අනුපිටපතක් වශයෙන් ගායන කර එළිදැක්වීමෙන් පසුවයි. මෙම සංගීත කණ්ඩායමේ අධ්‍යක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ Raveolution Studios විසිනි.  සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන රිචා පෝල්සතුව ස්මාර්ට් ෆෝන් දෙකක් ඇත. ඒ සඳහා (Mic App, Perc App) ස්ථාපනය කර ඇත.මෙහි සෙසු සාමාජිකයන් වන චරන් රාජා සතුව ටැබ්ලට් දෙකක් ඇති අතර (Piano App, Guitar App), ජේ.ඩී. සතුවද ටැබ්ලට් දෙකකි. (Dj App, Sampler App) වැනිල් වෙයිගස් සතුව ටැබ්ලට් එකක් සහ ස්මාර්ට් ෆෝනයක් ඇත. (Percussion App, Flute App).

මෙම සංගීත කණ්ඩායම ගායනය සඳහාද මයික්‍රෆෝනයක් භාවිත නොකරයි. ඒ සඳහාද භාවිත කරනු ලබන්නේ ස්මාර්ට් දුරකථනයකි. මේ වන විට සංගීත ගමන් මග වෙනත් දිශාවකට ගෙන යාමට Rave iBand සංගීත කණ්ඩායම උත්සාහ දරයි.

මෙහි ආරම්භකයා වන අර්චනා ශ්‍රීවාස්තන් පවසන්නේ,

"සංගීතය යනු වෙනස් කළ හැකි රටාවක්. කාලයෙන් කාලයට තාක්ෂණයත් සමග සංගීත ගමනේ විවිධාකාර පැති විවෘත කර ගත යුතුයි. මා විසින් ආරම්භ කරනු ලැබූ Rave iBandසංගීත කණ්ඩායම, ලෝකයේ සංගීත ක්ෂේත්‍රයට අභියෝගයක් වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා"යනුවෙනි.

මේ වන විට ඉන්දියාව තුළ සජීවීව සංගීත ප්‍රසංග පවත්වමින් සහ වැඩසටහන් වලට සහභාගී වෙමින් ඔවුන්ගේ ගමන් මග සාර්ථක කර ගැනීමට දරණා වෑයම ඉතා ඉමහත්ය.














Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top