Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
30
"FIFA 2014 රන් සපත්තුව කොලොම්බියාවේ ජේම්ස් රොඩ්‍රිගුවස්ටද?"(video)

"FIFA 2014 රන් සපත්තුව කොලොම්බියාවේ ජේම්ස් රොඩ්‍රිගුවස්ටද?"(video) - "FIFA 2014 රන් සපත්තුව කොලොම්බියාවේ ජේම්ස් රොඩ්‍රිගුවස්ටද?"(video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,957 Views

මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ වාර්තා වූ හොඳම ගෝලයත්, අනතුරුව තවත් ගෝලයකුත් ලබා ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට කොලොම්බියාව ගෙනයාමට ජේම්ස් රොඩ්‍රිගුවස් සමත්විය.
 
රියෝ ද ජනෙයිරෝ නුවර මැරකානා ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දී රොඩ්‍රිගුවස් වාර්තා කළ ගෝල ද්විත්වයත් සමග මෙවර තරගමාලාවේ ඔහු මෙතෙක් ලැබූ ගෝල සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගියේය. එය 2006 සහ 2010 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවල රන් සපත්තුවට හිමිකම් කී ක්‍රීඩකයන් ලබා ගත් ගෝල සංඛ්‍යාවට සමාන විය.

රොඩ්‍රිගුවස්ගේ අලංකාර ගෝලය වාර්තා වූයේ 28 වැනි මිනිත්තුවේ දීය. එතෙක් දෙපිලම පසුවූයේ 0-0ක් ලෙසිනි.
 
උරුගුවේ දැල රකින්නාගේ සීමාවට ආසන්නයේදී ඉහළට එසැවුණු පන්දුව සිය පපුවෙන් පාලනය කරගත් රොඩ්‍රිගුවස් ඔහුගේ වම් පාදයෙන් ගැසූ වේගවත් පහරෙන් පන්දුව කණුවේ ඉහළ කොටසේ වැදී දැළ තුළට පතිත වීමෙන් මේ විස්මිත ගෝලය වාර්තා විය. මේ ගෝලයත් සමග 1-0 කින් පෙරමුණ ගත් කොලොම්බියාව තරගයේ පළමු භාගයේ සියලු ගෞරව දිනාගත්තේය.

පළමු භාගය නිමාවීමට පෙර 38 වැනි මිනිත්තුවේ දී ගෝලයක් ලබා ගැනීමට උරුගුවේ අල්වයිරෝ පෙරෙයිරා ප්‍රබල උත්සාහයක නිරතවූවත් කොලොම්බියාවේ දැල රකින ඩේවිඩ් ඔස්පිනා ඉතා සාර්ථකව එය වළක්වා ගත්තේය.

දෙවැනි භාගය ආරම්භ වී මිනිත්තු 5කට පසුව තරගයේ දෙවැනි ගෝලයත් ලබාගත් රොඩ්‍රිගුවස් සිය කණ්ඩායමට ඉතිහාසයේ පළමුවරට අර්ධ අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තු ඉහළ නැංවීය.

රොඩ්‍රිගුවස්ගේ නමට එක්වූවත් එම ගෝලය වාර්තාවුයේ කොලොම්බියා ක්‍රීඩකයන්ගේ සාමුහික උත්සාහක ප්‍රතිළුලයක් ලෙසිනිග පැබ්ලෝ ආර්මෙරෝගේ අතිවිශිෂ්ට පන්දු යොමු කිරීමකින් පන්දුව ලබාගත් ජුවාන් කුවාඩ්‍රාඩෝ එය සාර්ථකව රොඩ්‍රිගුවස්ට බාර කිරීමෙන් එම ගෝලය වාර්තා විය.
 
ඒ සමගම මෙවර තරගමාලාවේ මෙතෙක් වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට ද ඔහු සමත්විය. කොලොම්බියාවේ ජයග්‍රහණයට දැඩි අභියෝගයක් එල්ල කළ උරුගුවේ  63, 79 සහ 83 වැනි මිනිත්තුවල දී ගෝල ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර ඒ සියලු උත්සාහයන් ඔස්පිනා හමුවේ ව්‍යර්ථවිය.

ඉතාලියේ ජියෝජි චෙයිලානිගේ උරහිස සපාකෑමෙන් අපකීර්තියට පත්ව පසුව මාස 4ක ජාත්‍යන්තර තරග තහනමක් පැනවීම මත උරුගුවේ ප්‍රබලතම ප්‍රහාරකයා වූ ලුයිස් සුවාරිස්ට ගෙදර යාමට සිදුවී තිබූ බැවින් මේ තරගයට ඔහු වෙනුවට මෙම තරගයේදී ඩියාගෝ ෆෝර්ලෑන් ක්‍රීඩා කළේය.

මේ ජයග්‍රහණයත් සමග එතෙක් මෙතෙක් ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ වඩාත්ම තීරණාත්මක හා අභියෝගාත්මක තරගයට මුහුණදීමට කොලොම්බියාවට සිදුවී තිබේ. අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදියා වී ඇත්තේ සත්කාරක බ්‍රසීල කණ්ඩායමයි.
 
මෙම තරගය ජූලි 4 වැනිදා පැවැත්වේ.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top