3,515 Views
"බොලිවූඩයට එකතුවන අලූත්ම වීරයා ක්‍රිෂ්" දැනටමත් සිනමා විචාරකයින් ක්‍රිෂ් 3 චිත්‍රිපටය හදුන්වන්නේ ඒ ආකාරයට. ලෝකය පූරා කාගේත් අවධනය දිනා ගත් මේ චිත්‍රිපටය ඉන්දියාව ශ්‍රි ලංකාව ඇතුළු ලොවපූරා රටවල අද (නොවැම්බර් 01 ) ප්‍රදර්ශණය ආරම්භ කරනවා. ඇමෙරිකානූ ඩෝලර් මිලියන 14ක වියදමින් නිෂ්පාදනය කල ක්‍රිෂ් 3 චිත්‍රිපටය අතිසාර්ථක වනු ඇති බවට දැනටමත් මත පලවෙලා අවසන්. පසුගිය දවසක සල්මාන් ඛාන් මෙහෙයවන "බිග් බෝස්" වැඩසටහනට එකතු වෙන්න ක්‍රිෂ් චිත්‍රිපට කණ්ඩායමට අවස්ථාව උදා වූනා.එහිදි බොහෝම සතුටින් මේ චිත්‍රිපටය ගැන කතා කරපු සල්මාන් කිව්වෙ ක්‍රිෂ් සිවූවැන්නේ රඟපෑමට තමනුත් පුදුමාකාර ආසාවකින් ඉන්නවා කියලයි. ඒ වගේම හොලිවූඩයේ අයන් මෑන් , සූපර් මෑන් , ස්පයිර්ඩර් මෑන් වැනි සුපිරි විරයන්ට අභියෝග කරන්න පුලුවන් මට්ටමින් රිතික් මෙම චරිතයට උපරිමය දායකත්වය ලබාදීලා තියනවා කියලත් සල්මාන් කිවූවලූ. ඒ අනුව පුර්ව ප්‍රචාරණ සමයේදී ඉහලම රංඟන ශිල්පින්ගේ අවධානය දිනාගත් චිත්‍රිපටය බවටත් ක්‍රිෂ් මේ වෙනකොටත් පත් වෙලා අවසන්.