Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
01
"බොලිවුඩය හෙල්ලූ ශ්‍රී ලාංකික නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් දැන් සල්මන් එක්ක"

"බොලිවුඩය හෙල්ලූ ශ්‍රී ලාංකික නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් දැන් සල්මන් එක්ක" - "බොලිවුඩය හෙල්ලූ ශ්‍රී ලාංකික නිළි ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් දැන් සල්මන් එක්ක"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,620 Views


ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළියකි.

මේ වන විට 28 වන වියේ පසුවන ඇය ශ්‍රී ලංකාවට වඩා ජනප්‍රියත්වයක් ඉන්දියාව තුළ හිමි කරගෙන සිටී.

ඒ, ඇය රංගනයෙන් දායක වූ බොලිවුඩ් චිත්‍රපට රැසක් අතිශයින් ජනප්‍රිය වීම හේතුවෙනි.

ඉන්දියාවේ Hindustan Times පුවත්පත ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත දැක්වේ.

එහිදී ඇය සිය පෞද්ගලික ජීවිතය, ආදරය, සිනමාව සහ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව දැක්වූ අදහස් පළ වෙයි.

ආදරය ගැන කියන්නෙ කුමක් ද?

“මම තව ම තනිකඩ යි. මේ මොහොතේ මම අවධානය යොමු කරන්නෙ මගේ වෘත්තිය පිළිබඳව පමණ යි. මට අවශ්‍ය විශිෂ්ට සිනමාකරුවන් සමග විශිෂ්ට චිත්‍රපටවලට දායක වීමට යි”

සල්මන් ඛාන් සමග කළ රංගනය ගැන අදහස් දැක්වුවොත්?

“සල්මන් සමග රඟපෑමෙන් මම ගොඩක් සතුටක් ලැබුවා. (සජිඩ් නඩියවාලාගේ Kick චිත්‍රපටය) ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අවංකව ම මම ඔහුගේ ගොඩක් දේ ඉගෙන ගත්තා”

පළමු වරට ද්විත්ව රංගනයක නිරත වීම ගැන හිතන්නේ කුමක් ද?

ඒ රංගනය ක‍ළේ අලුත් අධ්‍යක්ෂවරයෙකු වන වික්‍රම්ජිත් සිංගේ චිත්‍රපටයක් වෙනුවෙන්. එහි මම චරිත දෙකකට පණ පොවනවා. ඊට අමතරව, අර්ජුන් රම්පාල් සහ රන්බීර් කපූර් එහි රඟපානවා. ඒක සතුට වගේ ම විශාල අභියෝගයකට මුහුණ දුන් චිත්‍රපටයක්.

ඔබගේ බොලිවුඩ් සිනමා ජීවිතය ගැන හිතන්නේ කුමක් ද?

ඒක විශාල අරගලයක්. ඒත් මම ඒ තුළ මාව හොයා ගන්න උත්සහ කළා. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ පසුබෑමකට ලක් නොවී ආරක්ෂා වී සිටීම දුෂ්කර යි.

කටකතාවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද?

ඒ වගේ කටතකාවලට ප්‍රතිචාර දක්වන්න තියෙන හොඳ ම මාධ්‍ය තමයි, සමාජ ජාල වෙබ් අඩවි. ඒ හරහා අපිට අපේ අදහස් ඍජුව ම දක්වන්න හැකියාවක් පවතිනවා.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top