3,639 Views
බොලිවූඩයේ සුරූපී රංඟන ශිල්පිනිය අයිශ්වර්යා රායි බච්චන් අද (01) තමන්ගේ 40 වෙනි උපන්දිනය සමරනවා. 1973 නොවැම්බර් 01 වෙනිදා උපත ලබන අයිශ් මූළු ලෝකයේම අවධානය දිනා ගන්නේ 1994 වසරේ ලෝකයේ ලස්සනම කාන්තව එහෙමත් නැත්තම් Miss World කිරුළ දිනා ගැනිමත් සමග.ඉන් පසුව 1997දී බොලිවුඩයට පිවිසෙන ඇය චිත්‍රිපට 11කට සිය රංඟන හැකියාව දායාද කරනවා.ඒ අතරට හොලිවූඩ් සිනමා නිර්මාණයක්ද ඇතුලත්. 2007 වසරේදී අභිෂේක් බච්චන් සමඟ විවාහ වන අයිශ් දැනටමත් එක්දරු මවක්. බොලිවුඩ් සිනමා විචාරකයින් කියන්නෙනම් අයිශ්ට වයස අවුරුදු 40ක් වූනාට තාම රූපයෙන් ඒ බව නොතේරෙනවා කියලයි.කොහොම වුනත් 40 වෙනි උපන්දිනය ගැන මාධ්‍යයට අයිශ් මුකුත්ම කියලා නැති වූනාට ඉන්දියාව පුරා කවුරුත් බලගෙන ඉන්නේ තමන්ගේ බිරිඳ වෙනුවෙන් අභිෂේක් මොන තෑග්ගක් දෙයිද කියන එක.