Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
28
‘‘පොප්’’ සංගීතයේ කිරුළ පලන් රජු සහ රැජිණ"

‘‘පොප්’’ සංගීතයේ කිරුළ පලන් රජු සහ රැජිණ" - ‘‘පොප්’’ සංගීතයේ කිරුළ පලන් රජු සහ රැජිණ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,929 Views

පොප් ගී රජු මයිකල් ජැක්සන්  පොප් ගී රැජින මැඩෝනා ඔවුන් එලෙසින් විරුදාවලි ලබා ඇත්තේ පොප් සංගීතය ලොව පුරා ජනප‍්‍රිය කරන්නට ඔවුන් විසින් කරන ලද අනුපමේය මෙහෙය නිසාය. 2009 දී මිය යන තුරුම මයිකල් ජැක්සන් සිය කිරුළ රැක ගත්තේය. දැනට 55 වැනි වියේ පසු වන මැඩෝනා හා තරඟ කළ හැකි ගායිකාවක් තවමත් බිහි වී නැති බව රසිකයන්ගේ පොදු පිළිගැනීමය.
ජනප‍්‍රිය යන අර්ථය ඇති ඉංග‍්‍රීසි වචනය වන පොපියුලර් කෙටි වී පොප් නිර්මාණය වී තිබේ. පොප් සංගීත ශෛලියට පදනම් වී ඇත්තේ රොක් ඇන්ඞ් රෝල් වශයෙන් 1950 ගණන්වල පැවති සම්ප‍්‍රදායමය.
‘‘මේවායේ වාණිජ වටිනාකමක් මිසක් කිසිම කලාත්මක වටිනාකමක් නැහැ....’’



ගුවන් විදුලි යන්ත‍්‍ර, කැසට් යන්ත‍්‍ර බහුලව නොතිබූ යුගයේ ශ්‍රී ලංකාවේ පොප් ගීත ජනප‍්‍රිය වූයේ ධනවත් පැලැන්තියේ ශ‍්‍රාවකයන් අතරය. සමාජශාලා වළ
ගායකයෝ පොප් ගීත සජීවීව ගායනා කළහ. මේ වෙද්දී පරිගණක තාක්‍ෂණය ඈත ගම් දනව් සිසාරා පවා පැතිර ඇති බැවින් පොප් සංගීතය පිළිබඳව උනන්දුවක් නොදක්වන අයකු සොයා ගැනීමට අසීරුය.
1980 ගණන්වලදී එම්.ටී.වී. වැනි සංගීත රූපවාහිනි චැනල ආරම්භ වීමත් සමඟම පොප් ගීතයේ ජනප‍්‍රියත්වය ද වැඩි වූයේය.



මයිකල් ජැක්සන් හා මැඩෝනා පොප් ගී රජු හා රැුජින මට්ටමට එසවුණේ මේ චැනල හරහාය. ඇමෙරිකාවේ සහ බි‍්‍රතාන්‍යයේ ඒකාධිකාරයක්ව තිබුණ පොප් ගීතය අනෙක් රටවල් කරාද පැතිර ගියේය. ඒ ඒ රටවලට ආවේණික වූ පොප් ගීත ශෛලීන් ද ජනප‍්‍රිය වෙන්නට පටන් ගත්තේය.
එහෙත් මයිකල් ජැක්සන්, මැඩෝනා ආදී පොප් ගායකයන් කෙරෙහි ඇතිවූ ආකාරයේ උන්මාදයක් නම් වෙනත් ගායකයන් කෙරෙහි ඇතිවූයේ නැත. ඔවුන් සහභාගි වන සංගීත සංදර්ශනවල ප‍්‍රවේශ පත‍්‍ර විකිණී අවසන් වූයේ ඒවා පැවැත්වෙන දිනට මාස ගණනකට පෙරය. ඔවුන්ගේ ගීත ඇල්බම අලෙවි වූයේ මිලියන ගණනිනි.
මැඩෝනා මේ වන විට ඇගේ ගී තැටි මිලියන 300 කට අධික ප‍්‍රමාණයක් ලොව පුරා අලෙවි කොට තිබේ. එතරම් ගී තැටි අලෙවි කළ ප‍්‍රථම කාන්තාව ලෙස ඇය ගිනස් වාර්තාවක්ද පිහිටුවා ඇත.



ටයිම්ස් සඟරාව විසින් තෝරන ලද පසුගිය ගත වර්ෂයේ බලවත්ම කාන්තාවන් 25 දෙනා අතරට මැඩෝනා ගේ නමද එක්වී තිබේ.
මයිකල් ජැක්සන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1971 දීය. එතැන් සිට ඔහු පොප් ගීත සංකේතය වශයෙන් හැඳින්විණි. එම්.ටි.වී. රූපවාහිනි චැනලය ජනප‍්‍රියත්වයේ ඉහළම තලයට නැගුණේ ඔහු නිසාය.
1982 දී ඔහු විසින් නිකුත් කරන ලද ත‍්‍රිලර් ගීත ඇල්බමය එතෙක් කලක් අලෙවි වූ වැඩිම පිටපත් ප‍්‍රමාණය ලෙසින් වාර්තාවක් තැබුවේය.  ඕෆ් ද වෝල් (1979), බෑඞ් (1987) , ඬේන්ජරස් (1991) සහ හිස්ටරි (1995) ද ආදායම් වාර්තා තබමින් අලෙවි විණි. පොප් සහ රොක් සංගීතය අනුව නර්තන ඉදිරිපත් කළ ප‍්‍රථම හා එකම ශිල්පියාද මයිකල් ජැක්සන්ය.



  ඔහු ග‍්‍රැමි සම්මාන 13 ක් දිනාගෙන තිබේ. ඇමෙරිකානු සංගීත සම්මාන 26ක්ද ඔහුට හිමි විය. ගිනස් වාර්තා කිහිපයකටම ඔහු හිමිකම් කියයි. ඔහු පුණ්‍යායතන 39 කටම උදව් උපකාර කළ දානපතියකු වුවත් බොහෝ චෝදනාවලට ලක්වීමට ද ඔහුට සිදුවිය. එහෙත් 2009 ජූනි 25 වැනිදා ඔහුගේ මරණය සිදුවු කල මුළු ලොවම එකසේ කම්පා වූයේය.

පොප්, රොක්, සෝල්, ආර් ඇන්ඞ් බී ෆන්ක්, ඩිස්කෝ, ජැක් ස්වින්ග් ආදී බොහෝ ශෛලීන්වලට ඔහු ගායනය හා නර්තනය ඉදිරිපත් කළේය. ඔහුගේ ගීත ඇල්බම පිටපත් මිලියන 400කට අධික ප‍්‍රමාණයක් මේ වන විට අලෙවි වී තිබේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top