3,047 Views
මේ වසර අවසන් කාර්තුවෙදී නිකුත් වීමට නියමිත ක්‍රිෂ් 3 චිත්‍රිපටය මෙන්න ඩූම් 3 චිත්‍රිපටය ආදායම් වාර්තා අතින් ඉතා ඉහල මට්ටමකට ලඟා වනු ඇති බවට බොලිවූඩ් සිනමා විචාරකයින් මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්. නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසර තුල චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රිපටය ලබා ගත් ආදායමට මෙම චිත්‍රිපට වලට ලඟාවිය නොහැකි වනු ඇති බවයි. ඊට හේතු දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ මෙම චිත්‍රිපට නිකුත් කරන දිනයන් ආසන්න වැඩි නිසාවෙන් ආදායම බෙදීයනු ඇති බවයි. දැනට බොලිවූඩයේ ආදයම් වාර්තා අතින් ඉහලින්ම තවමත් පසු වන්නේ මේ වසරේදි නිකුත් වුන සුපිරි නළු ෂාරුක් ඛාන් රංඟනයෙන් දායක වූ චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රිපටය. එමෙන්ම මේ වසර තුලදී නිකුත් වුන චිත්‍රිපට ගණනාවක් එදා මෙදා තුර ආදයම් වාර්තා ගණනාවක් බිදදමන්නත් සමත්කම් දැක්වීමද විශේෂත්වයක්. නමුත් රිතික් රෝෂන් රඟන ක්‍රිෂ් 3 චිත්‍රිපටය මෙන්ම මෙවර අමීර් ඛාන් රංඟනයෙන් දායක වන ඩූම් 3 චිත්‍රිපටයටත් දැනට ලැබී ඇති සිනමා ලෝලින්ගේ ප්‍රතිචාර ඉතා ඉහල බවයි බොලිවූඩ් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.