Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
26
"වෙන අය Kiss කරනවාට සායිෆ් අවුලක් නෑ"

"වෙන අය Kiss කරනවාට සායිෆ් අවුලක් නෑ" - "වෙන අය Kiss කරනවාට සායිෆ් අවුලක් නෑ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,812 Views




බොලිවුඩ් සිනමාවේ තරුවක් වුන කරීනා කපූර් ලගකදී ඉදලා කරීනා කපූර් ඛාන් වුනා. ඒ ඇය සමග කාලයක් පෙම්වතුන් විදියට ඉදලා සාහිෆ් අලි ඛාන් සමහ විවාහා උනාට පස්සේ. මේ සතියේ කොෆි විත් කරන් ජොහාර් වැඩසටහනට එකතු උනේ කරීනා කපූර්. කරීනාගේ අලුත් ජීවිතේ වගේම ඒ දෙන්නගේ විවාහ ජීවිතේ කොයි වගේද කියලා බලමු.

ලොකු වෙනසක්. ඔබ දැන් විවාහ වෙලා?
නෑ. එහෙම නෑ. ආදරය කිරීම ලස්සන දෙයක්. එය මගේ ජීවිතයේ කොටසක්. මට අවශ්‍ය වුණා විවාහ වෙන්න. ඉතින් මිනිස්සු හිතනවා ඒක වෙනසක් කියලා.

මිනිස්සු ඔබ දිහා අමුතු විදියට බලනවද දැන්?
ආදරය කිරීම, විවාහ වීම අපරාධයක් නෙවෙයි. සිනමාවේ අයටත් එහෙම තමයි. ඒක මට කරදරයක් නොවේ. කාටත් එහෙම කරන්න වෙනවා.
ඒත් සිපගැනීමේ, යහන්ගත වීමේ වගේ කාමුක දර්ශන රඟපාන විට දැන් ඔබට සැමියා ගැන හිතන්න වෙනවා නේද?
මම කොහොමත් ස්ක්‍රිප්ට් එක බලලා තමයි තීරණය කරන්නේ මම මොනවද කළ යුතු, නොකළ යුතු දේ කියලා. සිප ගැනීම කළ යුතුයි නම් මම කරනවා.
ඒ කියන්නෙ ඔබ තිරයේදී සිප ගැනීම් කරනවා ඉදිරියටත්?
මං දන්නෙ නෑ. ඒත් සායිෆ් එක්ක සාකච්ඡා කරනවා මොනවද කරන්නේ කියලා.
ඒ කියන්නේ සායිෆ් කූල් එකේ ඉන්නේ නෑ ඒ වගේ වැඩවලට නේද?
ඒත් මම දන්නවා එයා අපහසුතාවකට පත්වෙන්නේ නෑ කියලා. මම වෙනත් මිනිහෙක්ව සිප ගත්තට.

ඔබගේ ඥාති රන්බීර් කපූර් දැන් අලුත් ලව් එකක නේද?
ඔව්. ආයෙත් ලස්සන ලව් එකක.
කවුද ඒ කත්‍රිකා කයිෆ්ද? රන්බීර් නොකියන නිසයි අහන්නේ?
ඔව් කත්‍රිනා තමයි. ළඟදි රෑ කෑමකදිත් මට එයාලව මුණගැහුණා.
ඔබගේ ඥාති සොහොයුරිය කත්‍රිනා වෙනවට ඔබ කැමැතිද?
කැමැතියි. ඇය අපූරු කෙල්ලෙක්.

ඔබේ කලින් සිටි පෙම්වතුන් සමඟ රඟපානකොට දැන් අපහසු ගතියක් දැනෙනවද?
නෑ. කොහෙත්ම නෑ. මම අතීතය දිහා ආපහු හැරී බලන්නෙ නෑ.
සායිෆ්ගේ පවුල ගැන මොනවද හිතෙන්නේ? ඔහුට ලොකු පවුලක් ඉන්නවා. දරුවෝ, කලින් බිරිය ගැන. ඔහු තුන්වැනි වරටයි ඔබ සමඟ විවාහ වුණේ?
සායිෆ්ගෙ දරුවො හරි ෂෝක්. එයාලගෙ අම්මා අපූරු කෙනෙක්. එයා දරුවො බලාගන්නවා. සාරා සායිෆ්ගෙ දුවයි මමයි හොඳ යාළුවෝ. සමහර වෙලාවට අපි දෙන්න එකට ෂැම්පේන් බොනවා. ඇත්තටම මටත් ඕන ඒ විදියට ඉන්නයි.
සායිෆ්ගෙ දුව එයාගෙ පෙම්වතුන් ගැනත් ඔයා එක්ක කතා කරනවද?
එයා සායිෆ් එක්ක ඒ වගේ දේවල් කතා කරනවා. සමහර විට එයා සායිෆ්ට කෝල් කරනවා.

රන්බීර්ගෙ වෙඩින් එකට ඔයාලගේ ප්ලෑන් එක මොකක්ද?
මම පරණ සින්දු ටිකක් දාල වෙඩින් එකේ නටනවා.
ඔබ දැන් කරීනා කපූර් ඛාන්. එහෙම කියනවට කැමතියිද?
ඔව්. ඛාන් කියනවට සතුටුයි.
ඔබ කැමැති නිළිය කවුද එකට වැඩ කරන්න?
හොඳට රඟපාන කාටත් කැමතියි.
රන්බීර්ගෙ පෙම්වතියන් වූ නිළියන්ගෙන් කාටද කැමැති?
දීපිකා පදුකෝන්ට.
අලුත් නිළියන්ගෙන් කාටද කැමැති?
සෝනම් කපූර්ට.
ඇය ඔබ තරුණ කාලෙ වගේ කියලා මිනිස්සු කියනවා?
මම එයාට කැමැති ඒ නිසයි. ඒත් ඇයි එයා මම වගේ වෙන්න හදන්නේ.

ඔබ සායිෆ් ගැන කැමැතිම දේ?
එයා මගේ වීම.
සායිෆ්ගෙ අකමැතිම දේ?
එයා ඕනවට වඩා නිදාගන්නවා.
තුවක්කුවක් දීලා ගෑනියකුට වෙඩි තියන්න කියලා කිව්වොත් කාටද වෙඩි තියන්නේ?
සමහර විට මගේ ඥාති සහෝදරිය කත්‍රිනා කායිෆ්ට.
සායිෆ්ව කසාද බැන්දෙ නැත්නම් කවුද බඳින්න හිටිය නළුවා?
සායිෆ්ව හමුවුණේ නැත්නම් මම කාවවත්ම බඳින්නෙ නෑ කවදාවත්.
නිළියක් වුණේ නැත්නම් කත්‍රිනා, දීපිකා, සෝනම් මොන රැකියාවලටද සුදුසු?
දීපිකා ගුවන් නියමු, කත්‍රිනා ගුවන් සේවිකාවක්, සෝනම් මෝස්තර නිර්මාණකාරියක්. හැබැයි මේ ප්ලේන් එකේ රන්බීර්ට නම් යන්න බැරි වෙයි.
සෝනම්, කත්‍රිනා, දීපිකා, ප්‍රියංකා, අනුෂ්කා අතරින් වඩාත් දක්‍ෂ කවුද?
ප්‍රියංකා සහ දීපිකා
වඩාත් සරාගී නළුවා කවුද මේ අතරින්? සිද්ධාර්ථ, වරුන්, අර්ජුන්, ආදිත්‍ය?
අර්ජුන් රාම් ගෝපල්











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top