2,733 Views
සයිෆ් අලිඛාන් කියන්නේ අපි කවුරුත් දන්නකියන සුපිරි බොලිවුඩ් රංඟන ශිල්පියෙක්. නමුත් සයිෆ් පසුගිය කාලවකවානුවෙදී චිත්‍රිපට නිෂ්පාදනයට යොමුවුණා.ඒ අනුව ඔහුගේ නිෂ්පාදනය යටතේ නිමවුන අලුත්ම බොලිවුඩ් චිත්‍රිපටය වනුයේ " Go Goa Gone " චිත්‍රිපටයයි. කාගේත් අවදානයක් දිනාගත් මේ චිත්‍රිපටය මෙතෙක් බොලිවුඩයේ නිපදවුනු වෙනස්ම මාතෘකාවක් ඇතුලත් නිර්මාණයක්.ඒ නිසාම තිරගතවීම ආරම්භ කර මුල් සතිකිහිපයේදීම ආදායම් වාර්තා තබන්නට සමත්කම් දක්වන්නට මේ චිත්‍රිපටයට හැකියාව ලැබුණා. මේ චිත්‍රිපටයට ලැබුණු ඉහල ප්‍රතිචාරත් ලද ආදයම් වාර්තාත් සමඟ සයිෆ් තවත් අලුත්ම චිත්‍රිපටියක් නිෂ්පාදනය කිරිමට තිරණය කරලා. එහි සියලුම රූගතකිරීම් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සිදුකිරීමටත් සයිෆ් මේවෙනවිටත් තීරණය කර අවසන්. ඒ අනුව සයිෆ් රංඟන ශිල්පියෙක් මෙන්ම ඉදිරියේදී චිත්‍රිපට නිෂ්පාදකයෙකුද වනු ඇති.
සයිෆ්ගේ " Go Goa Gone " චිත්‍රිපටයේ ප්‍රචාරක පටය පහලින්.