Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


May
06
"දවසින් කෝටි 2ක් ඉපයූ මධුසමය"(Video)

"දවසින් කෝටි 2ක් ඉපයූ මධුසමය"(Video) - "දවසින් කෝටි 2ක් ඉපයූ මධුසමය"(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

9,405 Views

ජූහි චව්ලා හා මධුරී ඩික්සිත් නැවත රිදී තිරයට පැමිණි චිත්‍රපටය වූ “Gulaab Gang (ගුලාබ් ගැන්ග්)” චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ දිනයේම තිරගත වීම ආරම්භ කෙරුණු  “Queen – ක්වීන්” චිත්‍රපටය ආදායම් වාර්ථා බිඳ හෙළමින් තිරගත වන චිත්‍රපටයක් වූනා. ක්වීන් චිත්‍රපටය මුල් දින ආදායම පමණක් ඉන්දිය රුපියල් කෝටි 2ක සීමාව පසුකිරීම සමත් වූ අතර සිව්වන සතිය අවසානයේ සමස්ථ ආදායම ඉන්දීය රුපියල් කෝටි 73කට ආසන්න ප්‍රමාණයක් උපයලා තියනවා.



මේ චිත්‍රපටයේ රාණී නම් මධ්‍යම පාන්තික ඉන්දීය යුවතියගේ චරිතයට පණපොවන්නේ Kangana Ranaut (කංගනා රනවුත්) විසිනි. ඇගේ පවුලේ අය සාම්ප්‍රදායික මතයන් දරන්නන් ද වෙයි. විවාහයට දින කීපයක් තිබියදී ඇගේ පෙම්වතා වූ ‘විජේ’ ඇයව හැර දමා යයි. ඉන් කම්පනයට පත්වන රාණී මධුසමය වෙනුවෙන් සැලසුම් කර තිබූ සංචාරයේ තනිවම යෙදෙයි. ලොව පුරා තනිව සංචාරය කරන ඇයට අලුත් මිනිසුන් හමුවන අතර අලුත් අත්දැකීම් ද ලබයි. ඒ හරහා ඇය සිය සැබෑ අනන්‍යතාව හෙළිදරව් කරගන්නා ආකාරය චිත්‍රපටයෙන් දැක්වෙයි.



මෙහි කන්ගනාට හා රාජ් කුමාර් රායිට අමතරව ලීසා හේඩ්න් යෝගේන්ද්‍ර ටිකූ, අල්කා බදෝලා කෞශල්, චින්මායා අග්රවාල් චින්තු ත්‍රිප්තා සහ මිෂ් බොයිෆේ වැන්ෂන් රඟපෑව ද ඒ කිසිවකු බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නළු නිළියන් නොවේ.

ඒ වාගේම මේ චිත්‍රපටය අඩු මුදලක් වැය කොට නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙසියි වර්ගකර ඇත්තේ. එලෙස අඩු මුදලක් වැය කර නිර්මාණය කරන ලද චිත්‍රපටයක් වූ නිසාම චිත්‍රපට නිෂ්පාදන කාර්ය මණ්ඩලයට මෙන්ම නළු නිළියන්ටද නොයෙකුත් දුෂ්කරතා විඳීමට සිදුවූ බවත් පැවසෙනවා. මෙලෙස නොයෙකුත් දුෂ්කරතා මධ්‍ය යේ වුවත් රසික රසිකාවියන් පිනවිය හැකි චිත්‍රපටයක් නිපදවීමට හැකි වීම පිළිබඳව තමනුත් තම කාර්යමණ්ඩලයත් සතුටු වන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන විකාස් බාල් මාධ්‍ය වෙත පවසා සිටියා.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top