2,611 Views
අම්තාබ් බච්චන් සහ ෂාරුක් ඛාන් කියන්නේ දැනට බොලිවුඩ් පුරවරයේ සිටින ප්‍රසිද්දිය අතින් මෙන්න රඟපෑම අතිනුත් ඉතාමත් ඉහලින් සිටින නළුවන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම සහභාගි වූ සිනමා නිර්මාණයක් මෑතකදී බිහිවූයේ නැහැ. නමුත් ඒ හිඩස පුරවමින් ජනප්‍රිය චිත්‍රිපට අධ්‍යක්ෂක ආර්.බල්කිගේ මීලඟ සිනමා නිර්මාණයට බොලිවුඩයේ මෙම සුපිරි නළුවන් දෙදෙනාම සහභාගී කරගැනීමට මොහු දැනට අදහස් කර තිබෙනවා. ඔහු ප්‍රකාශ කරන අන්දමට මෙම චිත්‍රිපටය මොවුන් දෙදෙනා මෙතෙක් රඟපෑ චිත්‍රිපට වලට වඩා වෙනස්ම මුහුණුවරක් ගනු ඇති බවයි.