4,958 Views

එහිදී ඇල්වාරෙස්ගේ පුතු ස්පයිඩර්මෑන් ඇඳුමක් ඇඳ සිටින අතර ළැම පෙදෙස නිරුවත්ව සිටින ඇය ස්පයිඩර්මෑන් ඇඳුමේ හිස්වැස්ම පැළඳ සිටී. දරුවා මවගේ පියයුරකින් කිරි උරා බොන අතර ඔහුගේ එක් අතක් අනෙක් පියයුර මත රැඳී සිටී.
මෙම ඡයාරූපය අශ්ලීල බව තීරණය කර ඇති බලධාරීන්ගේ වාරණය සමග සගරා ප‍්‍රකාශයන් විසින් පුවත්පත් අලෙවිසැල් සහ සුපිරිවෙළඳසැල් වල අලෙවිය සඳහා නිකුත් කළ සගරාවල කවරයේ ඡයාරූපයේ ඇල්වාරෙස්ගේ නිරුවත් පියයුරු රතු පැහැති වෘත්තයකින් ආවරණය කර තිබේ.
මේ අතර මෙම ඡයාරූපය අශ්ලීල බව තීරණය කර ඇති ෆේස්බුක් සමාජ ජාලයද එය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර ඉන් නොනැවතී ඇනා ඇල්වාරෙස් එරැකල්ඞ්ගේ ෆේස්බුක් පිටුවද ඉවත් කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් විචාරක සොරායා චෙමලි පවසා ඇත්තේ කාන්තා නිරුවත පවතින පුරුෂෝත්තම සමාජයට එරෙහි අවියක් ලෙස භාවිතා කළ හැකි බවයි.
ලිංගික හැගීම් උද්දීපනය කරන ලෙස කාන්තා නිරුවත භාවිතා කිරීම එවැනි සමාජ සැකැස්මක අවශ්‍යතාවය බවත් ඉන් පරිබාහිර අරමුණු සඳහා කාන්තාව විසින් නිරුවත විදහා පාන විට ඔවුන් කලබල වන බවද ඇය විසින් පවසා තිබේ.
ඇල්වාරේස්ගේ මහත් ආන්දෝලනයට පත් මගේ දියණියගේ උපත නම් ඡයාරූප ද්විත්වයද මෙවර හිප්මමා සගරාවේ පළ කර ඇතැයි පැවසේ.
ඇනා ඇල්වාරෙස්ගේ ෆොටෝස් පහතින් බලාගන්න 
