7,698 Views
ලොව උසම මිනිසා, මිට්‍ම මිනිසා,තරබාරුම මිනිසා,වගේ අය ගැන අපි මීට කලින් කියල තියෙනවා .මේ කියන්න හදන්නේ ලොව උසම යුවළ විදිහට ගිනස් ලෝක වාර්තා පොතට එක් වූ යුවල ගැනයි.ඒ දෙන්නා නමින් විල්කෝ සහ ක්රීෂා.විල්කෝ අඩි හතක් උස අතර ඔහුගේ බිරිඳ ක්රීෂා උස අඩි හයයි අඟල් හයක් උස වෙනවා.මේ ලොව උසම යුවළට දරුවන් තිදෙනෙකුත් ඉන්නවා.තවමත් කුඩා දරුවන් වන මේ දරුවන් වයසත් එක්ක ඔවුන්ගේ දෙමුපියන් වගේම අසාමාන්‍ය ලෙස උස යයි කියලා වෛද්‍යවරුන් දැනටමත් නිගමනය කරලා තියෙනවා.කාන්තාවක් අධික ලෙස උස වැඩි වීම හෝ උස අඩු වීම දරු ප්‍රසූතියේදී බලපාන කරුණක් වුණත් ක්රීශාට නම් දරු ප්‍රසූතියේදී ඒ තරම් බලපෑමක් වෙලා නැහැ.ඇය බිහි කළ දරුවන් තිදෙනාම ඉතාමත් නිරෝගී තත්ත්වයේ පසුවන බවත් වෛද්‍යවරුන් සඳහන් කරනවා.මග තොට යන එන කොට අනවශ්‍ය විදිහට කාගේත් අවදානයට ලක්වීම ඇරෙන්න එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට නම් මේ අයට උස වැඩි කම ප්‍රශ්ණයක් නෙවෙයි කියලත් විල්කෝ සහ ක්රීෂා නමැති ලොව උසම යුවළ මාධ්‍යයට තම අදහස් දක්වමින් කියල තිබුණා.