Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
13
"අද නම් එදාට වඩා තේරීමක් කරලයි චිත්‍රපටයක රඟපාන්න යන්නෙ"

"අද නම් එදාට වඩා තේරීමක් කරලයි චිත්‍රපටයක රඟපාන්න යන්නෙ" - "අද නම් එදාට වඩා තේරීමක් කරලයි චිත්‍රපටයක රඟපාන්න යන්නෙ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,034 Views

කජ්ලිමා මුඛර්ජි ගැන ඔබ අහල තියෙනව ද? ඇය බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම නිළියක්. ඒත් මේ කියන නම ඔබට නුහුරු ඇති. ඒ නිසා අපි ඇයව කාජල් යනුවෙන් හඳුන්වමු. ජනප්‍රිය සුපිරි නිළි කාජල් නම් කවුරුත් දන්නවා. අනූව දශකයේදී ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් ඇය 1999 දී විවාහ දිවියට එළඹුණා. ඇගේ ආදරණීය සැමියා ජනප්‍රිය නළු අපේ දේව්ගන් බව බොලිවුඩ් සිනමා රසිකයන් හොඳින්ම දන්නවා.

අජේ - කාජල් යුවළ දැන් දියණියක ගේ සහ පුතෙකුගේ මවුපියන්. දියණිය ‘නීසා’ ගේ වයස අවුරුදු 11 යි. පුතා ‘යුග්’ ගේ වයස අවුරුදු 3 1/2 යි. විවාහයෙන් පසුව කාජල් රඟපෑවේ සීමිත චිත්‍රපට ගණනක පමණයි. දියණිය ලැබී මාස කිහිපයක් ගතවෙද්දී ‘ෆානා’ චිත්‍රපටයේ සංවේදී රංගනයක යෙදුණු කාජල් ඉන් පසුව රඟපෑවේ ‘යූ මී ඕර් හම්’, ‘මයි නේම් ඉස් ඛාන්’, ‘වී ආ ෆැමිලි’ සහ ‘ටූන්පර් කා සුපර් හීරෝ’ යන චිත්‍රපටවල පමණයි.
දරුවන් දෙදෙනාගේ කටයුතුවලට වැඩි කාලයක් මිඩංගු කළ යුතු නිසා සිනමා රංගනයෙන් මඳක් බැහැරව සිටින බවයි කාජල් කියන්නේ. “දුවටත් පුතාටත් මගේ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ දෙන්නා හොඳින් රැක බලා ගැනීම මගේ වගකීමක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ? මම ඒ දෙන්නව මේ ලෝකෙට බිහි කළේ ඔහේ අත්ඇරල දාල මගේ වැඩ කරගන්න නෙමෙයි. මම ඒ වගේ අම්ම කෙනෙක් නෙමෙයි. මට අවශ්‍ය වෙලා තියෙන්නෙ දුවයි පුතයි හොඳින් බලා කියාගෙන ඇතිදැඩි කරන්නයි. පුංචි දරුවො හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ ඒ අයගෙ අම්මල තාත්තල තමන්ගෙ ළඟින් ඉන්නව දකින්නයි. මගේ සැමියා තාම චිත්‍රපටවල රඟපානවා. සාමාන්‍යයෙන් එයා මාස 6 කට චිත්‍රපට 4 ක විතර රඟපාන්න භාර ගන්නවා. එයාගෙ කාර්ය බහුලත්වය නිසා නිතරම ගෙදර රැ‍ඳෙන්නෙ නැහැ. ඒ නිසා මම දරුවන් එක්ක ඉන්න එපැයි?”

“දුවට පුතාට මගේ ආදරය නිතරම ලැබෙනවා. හැබැයි මම ඒ දෙන්නව හදන්නෙ විනයක් ඇතුව. ළමයින් හැසිරෙන්න ඕනෙ සීමාව මොකක්ද කියල අපි දැනගන්න ඕනෙ. ඒ සීමාව ඇතුළෙ මම මගේ දරුවන්ව යහමඟ යවන්න උත්සාහ කරනවා.”

“රසික රසිකාවියො තාමත් කැමැතියි මගේ රඟපෑම් දකින්න. හැබැයි මම දැන් රඟපාන්නෙ අවුරුද්දකට එක චිත්‍රපටයක විතරයි. ඊට වඩා බැහැ. මම එදා රඟපෑවෙ තෝරා ගත් චිත්‍රපටවල විතරයි. අද නම් එදාට වඩා තේරීමක් කරලයි චිත්‍රපටයක රඟපාන්න යන්නෙ.” කාජල් පුරුදු සිනහව නංවමින් පැවසුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top