පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වන්නේ තවත් ඉතිරි වෙලා තියෙන්නේ ටික දවසක්.සාමාන්‍යයෙන් මෙවරත් ලොව පුරා ක්‍රිකට් රසිකයින් බලා සිටින්නේ උණසුම් තරඟාවලියක අත්දැකීම් විඳගන්නයි.
පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය ආරම්භ වන්නේ තවත් ඉතිරි වෙලා තියෙන්නේ ටික දවසක්.සාමාන්‍යයෙන් මෙවරත් ලොව පුරා ක්‍රිකට් රසිකයින් බලා සිටින්නේ උණසුම් තරඟාවලියක අත්දැකීම් විඳගන්නයි.
බොහෝ විට මෙවරත් නව වාර්තා රැසක් බිහි වෙනු ඇති බවටයි විශ්වාසය පල කරන්නේ.අද ෂා ගොසිප් තුලින් අපි ඔබට කියන්නේ T20 ලෝක කුසලාන තරඟාවලියන්හි එතෙක් මෙතෙක් බිහි වූ වාර්තාවන් කිහිපයක් ගැනයි.
එම වාර්තාවන් අතරින් ශ්‍රී ලංකාවද සැලකිය යුතු වාර්තාවන් ප්‍රමාණයක හිමිකරු වීම ආඩම්බරයට කරුණක්.
පන්දු වාර 20 ලෝක කුසලාන තරඟ ඉතිහාසයේදී වාර්තා වූ ලොව වේගවත්ම ශතකයට හිමිකම් කියනු ලබන්නේ සුපිරි කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල්.2016 වසරේදී ඔහු එංගලන්තයට එරෙහිව ශතකයක් වාර්තා කරන්නේ පන්දු 48 ක් පමණක් වැය කරමින්.
වේගවත්ම අර්ධ ශතකය බිහිවන්නේත් එංගලන්තයට එරෙහිව වීම විශේෂත්වයක් .ඉන්දීය කන්ඩායමේ හිටපු පිතිකරු යුවරාජ් සිංග් 2007 වසරේදී සිය අර්ධ ශතකය වෙනුවෙන් වැය කරනු ලබන්නේ පන්දු 12 ක් පමණයි.
ලෝක කුසලාන තරඟ මාලාවේ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධනයි .තරඟ 31 කදී ඔහු වාර්තා කල ලකුණු සංඛ්‍යාව 1016 ක්.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ පාකිස්තානයේ සහිඩ් අෆ්‍රිඩි.තරඟ 34 කදී ඔහු බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 39 ක්.
තරඟයකදී කණ්ඩායමක් රැස් කල වැඩිම ලකුණු ගණනට හිමිකම් කියනුයේද ශ්‍රී ලංකාවයි.2007 වසරේදී කෙන්යාවට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 260 ක් රැස් කල අතර කෙන්යානුවන් සියලු දෙනාම ලකුණු 88 කට දැවී ගියා.
වැඩිම වරක් අවසන් මහා තරඟයන් නියෝජනය කලේද ශ්‍රී ලංකාව වන අතර වැඩිම තරඟ ජයග්‍රහණ ප්‍රමාණයක් ලියවී ඇත්තේද ශ්‍රී ලංකාව ඉදිරියේයි.වැඩිම තරඟ පරාජයන් සඳහා හිමිකම් කියනු ලබන්නේ බංගලාදේශය වන අතර ඔවුන් තරඟ 19 ක් ම පරාජයට පත් වී තිබෙනවා.