Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
11
"කන්ගනාට සම්මාන ඕන නැහැලු"

"කන්ගනාට සම්මාන ඕන නැහැලු" - "කන්ගනාට සම්මාන ඕන නැහැලු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,550 Views

මේ වෙනකම් සම්මාන උළෙලවල් ප්‍රතික්ෂේප කිරීමට නම් දරා සිටියේ අමීර් ඛාන්. අලුතින්ම සම්මාන ප්‍රතික්ෂේප කරන තරු අතරට කංගනාටද එක් වී සිටිනවා. කන්ගනා මේ ගැන පැවසූ විට කවුරුත් ඇයගෙන් අසා සිටියේ ඇය අමීර්ගේ අඩිපාරේ යනවා ද කියායි. විසි හත් හැවිරිදි කන්ගනා ගත් කටටම පවසා ඇත්තේ තමන් ජ්‍යෙෂ්ඨ නළුවාගේ අඩිපාරේ නොයන බවයි. ඔහු සමඟ එකට වැඩ කිරීමට කැමැති වුවත්, එය ජීවිතයේ අරමුණක් නොවන බව ද වැඩිදුරටත් ඇය පැවසුවාය. ‘මං හිතන්නේ අපි දෙන්නගෙම අරමුණ රංගනයේ අලුත් ඉසව් සොයා යාමයි. එත් අපට එකට රඟපාන්න අවස්ථාවක් ලැබෙනවා නම් විශිෂ්ටයි. එහෙත් එය මගේ ආසන්නතම ඉලක්කය නම් නොවෙයි. අමීර් ඛාන් මං කැමැතිම නළුවෙක් වුණත්, ඔහු වගේ වෙන්න එය හේතුවක් නොවෙයි. සම්මාන උත්සව ගැන පැවසුවේ මගේම අදහසයි. කාගේවත් අඩිපාරේ යාමක් නොවෙයි.’ ‘ක්වීන්’ තාරකාව මේ සියල්ල ප්‍රකාශ කළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදනයක් දියත් කරන උත්සවයකදීය. ‘ක්වීන්’ තාරකාව කන්ගනා මෙවර සිය උපන් දිනය සැමරුවේ අමීර් ඛාන් යුවළ, අමිතාබ් බච්චන් යුවළ, අධ්‍යක්ෂ රාකේෂ් රොෂාන් යුවළ, ජෙනේලියා, රිතීෂ් දේශ්මුක් යුවළ වැනි ජනකාන්ත තරු සමඟයි. ක්වීන් සිනමාපටය අති සාර්ථක ලෙස තිරගතවීමත් සමඟ කන්ගනාගේ සිතට පුංචි ආඩම්බරයක් දැනීම පුදුමයක් නෙවෙයි. රංගනයෙන් පමණක් නොව දෙබස් ලිවීමෙන් පවා ඇය සිනමාපටයට දායකවෙලා තියනවා. ඉදිරියේදී Film ගොඩකින්ම විවිධ චරිතවලින් කන්ගනා දැක ගැනීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලැබෙනු ඇත. ඒ අතර තිස් පස් හැවිරිදි මවක හා එක්තැන් වුණු නව යෞවනියකගේ චරිතයෙන් ද ඇයගේ දස්කම් දක්නට ලැබෙන්නේ ‘දුර්ගා රානි සිං’ ත්‍රාසජනක සිනමාපටයෙනි. පවුලේ අයට නම් කන්ගනාගේ දඩබ්බරකම් නුහුරු නුපුරුදු දෙයක් නොවේ. කුඩා වියේදී සහෝදරයාට සෙල්ලම් තුවක්කුවක් ගෙනත් දීලා තමන්ට බෝනික්කකු ගෙන ආ විට ඇය එය ප්‍රතික්ෂේප කළාය. වෛද්‍ය විද්‍යාලයට පිවිසීමේ පරීක්ෂණය පසෙක තබා රංගනය තෝරා ගත් විට සීයා ඇයට වාසගම පවා ඉවත් කරන ලෙස පැවසුවේය. දැන් පවුලේ අයට ඇයගෙන් ලැබෙන්නේ සුළුපටු සහායක් නොවෙයි. ක්ෂේත්‍රයට පැමිණි අලුත හරිහැටි සාර්ථකව ඉංගී‍්‍රසි බස හැසිරවීමට නොහැකි වූ නිසාත්, නවකයකු වූ නිසාත් ක්ෂේත්‍රයේ අය තමාට සැලකුවේ සුනඛ පෝතකයකුට ලෙස බව කන්ගනා කලකට ඉහත ප්‍රකාශ කළාය. එහෙත් අද ඇය ජාතික සම්මානලාභී, ෆිල්ම් ෆෙයාර් සම්මානලාභී ඉදිරි පෙළේ සුපිරි තාරකාවකි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top