සිංගප්පුරුවේ madame tussauds කෞතුකාගාරයට යන අලුත්ම තරුව ගැන තමයි මේ කියන්නේ .ඒ සුරූපී දකුණු ඉන්දීය නිලි Kajal Aggarwal .මීට පෙර දකුණු ඉන්දීය සිනමාවෙන් madame tussauds කෞතුකාගාරයට යන්න හැකියාව ලැබුනේ ප්රභාස් රාජුට පමණයි .ඒ බාහුබලි හරහා ලැබුණු ජනප්රියතාව නිසාමයි .ප්රථම වතාවට දකුණු ඉන්දීය නිළියකගේ ප්රතිමාවක් madame tussauds කෞතුකාගාරයේ නිර්මාණය වීමත් විශේෂත්වයක් .ඒ අවස්තාව තමන්ට ලැබීම ගැන තමන් අතිශයෙන්ම සතුටු වන බවයි Kajal Aggarwal පවසන්නේ .