13,199 Views
පසුගිය සදුදා ලොවපුරා ආගමික බේදයකින් තොරව සියලුම දෙනාම කළඹවමින් ලෝක උරුමයක්වන ප්‍රංශයේ Notre dame දේවස්ථානය ගින්නක් හේතුවෙන් විනාශ වුණා. මේ ගැන මේ වනවිටත් විදෙස් මාධ්‍යවල බොහෝ තොරතුරු වාර්තාවනවා. ප්‍රංශ රජය මේ ලෝක උරුම දේවස්ථානය නැවත ගොඩනැගීම ආරම්භ කරන ව්‍යාපෘතිය ඊයේ දියත්කළා. ඒ වෙනුවෙන් ප්‍රංශයේ සුපිරි බිලියනපතියෙක් වන Hendry pinold යුරෝ මිලියන 100 ක පරිත්‍යාගයක් සිදුකරන බව තොරතුරු වාර්තාවුණා.
ඒ වගේම මේ පිළිබදව වාර්තාවන අලුත්ම කතාව තමයි Far cry , Assassins creed වැනි ලොව සුපතල පරිගණක ක්‍රීඩා නිර්මාණය කළ UBISOFT ආයතනය හරහා මෙම දේවස්ථානය නැවත ගොඩ නැගීම උදෙසා දායකත්වය ලබා ගැනීමට හැකි බවයි. ඒ Assassins creed පරිඝණක ක්‍රීඩා නිර්මාණයේදි ඔවුන් විසින් මීට වසර කිහිපයකට ඉහතදී Notre dame දේවස්ථානයේ 3D Mapping Laser Measurement තාක්ෂණයෙන් පරිගණක දත්ත ලබා ගෙන අනුරූ නිර්මාණය කර තිඛෙනවා. ඔවුන් සතු ඒ පරිගණක ක්‍රීඩා වෙනුවෙන් ලබා ගත් සියයට සියයක් නිවැරදි Notre dame දේවස්ථානයේ මිනුම් වලට සමාන දත්ත යොදාගෙන නැවත මෙම ලෝක උරුමය පෙර තිබු තත්වයෙන්ම නිර්මාණය කිරීමට හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.





