2,431 Views
ලියනාඩෝ ඩික්‍රැප්‍රියෝ එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න ටයිටැනික් චිත්‍රිපටයේ ජැක් තමන්ගේ සිනමා ජිවිතයට කෙටි විරාමයක් තබලා.ඔහු ප්‍රකාශ කරන ආකාරයට පසුගිය වසර කිහිපය තුලදී අධික කැපවීමෙන් තමන් චිත්‍රිපට වලට දායක වු නිසා තමන්ට වෙහෙසක් දැනෙන බවයි. ඒ හේතුව මත වසර කිහිපයක් සිනමා ජීවිත්යෙන් ඉවත්වී කාලය ගත කීරීමට තමන් සුදානම් බව ඔහු කියා සිටියා.එමෙන්ම එම කාලය ලෝකයේ යම් කිසි වෙනසක් කිරිමට තමන් යොදවන බව ඔහු කියා සිටියා.වැඩිදුරටත් එම කාරණය විස්තර කල ඔහු ප්‍රකාශ කලේ තමන්ට ඇති එකම සෙවණ අහස නිසාවෙන් පරිසරය සුරැකීමට තමන්ගේ උපරිම දායකත්වය ලබා දෙන බවයි.එමෙන්ම තමන්ගේ මිතුරන් සමඟ නැවතත් සුපුරුදු ජිවිතය ගත කිරීමට තමන්ගේ බලාපොරොත්තුවක් ඇතැයි ඔහු ප්‍රකාශ කලා.