IPL වේදිකාවේ විනාඩි 15 ක නර්තනයකට රන්වීර් සිං ට කෝටි 5ක් ගෙවන්න සුදානම් කියලා ඉංදීය මාධ්‍ය වාර්තා කරනවා .
පහුගිය කාලේ පුරාවටම රන්වීර් සිං ගැන කතා වුනේ ඔහු රංගනයෙන් දායක වුන පද්මාවත් චිත්‍රපටය නිසා .ඒ වගේම පහුගිය දවසක ඔහු විවාහය ගැනත් කතා කරලා තිබුනා .කොහොමටත් රන්වීර් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් .
මෙවර ඉන්දීය ප්‍රිමියලිග් තරගාවලිය සදහා මේ වන විට සියලුම කටයුතු සුදානම් කරමින් ඉන්නවා කියල තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අප්‍රේල් මාසයේ පැවැත්වෙන IPL තරගාවලියේ සමාරම්භක උළෙල හැඩ කරන්න බොලිවුඩ් නළු නිලියන් රැසකට ආරාධනා කරලා තියනවා. මෙහිදී රන්වීර් විසින් ශේෂ නර්තනයක් ඉදිරිපත් කරන්නත් සුදානම්. විනාඩි 15 ක මෙම නර්තනය සදහා රන්වීර්ට ගෙවන මුදල ඉන්දීය රුපියල් කෝටි 5ක්.