Ryan Reynolds ගේ ‘Deadpool’ චිත්‍රපටය ත්‍රාසය , භීතිය වගේම හාස්‍ය රසයත් රසිකයින් වෙත ගෙන එන අපූරු චිත්‍රපටයක් .
2016 වසරේදී තිරගත වූ ‘Deadpool’ චිත්‍රපටය අදයම් වාර්තාද බිඳ දමමින් ලොව පුරා තිරගත වුණා.
ඒත් සමඟින්ම ‘Deadpool’ චිත්‍රපටයේ දෙවන කොටස එනම් ‘Deadpool 2’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ පටය පසුගිය සති අන්තයේ අන්තර්ජාලයට නිකුත් වුණා. මෙම චිත්‍රපටයේ Ryan Reynolds ගේ චරිතයට අමතරව X-Force නමින් කණ්ඩායමක් හඳුන්වාදී තිබෙනවා.
Tim Miller විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Deadpool’ ප්‍රථම චිත්‍රපටය ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 783 ක්. ‘Deadpool’ දෙවන චිත්‍රපටය අධ්‍යක්ශණය කර තිබෙන්නේ David Letich .
20 th Fox Century විසින් බෙදහරින ‘Deadpool’ 02 චිත්‍රපටය ලබන මැයි මස 18 වනදා ලොව පුරා තිර ගත කිරීමට සූදනම්.
