2,857 Views
බොලිවුඩයේ ප්‍රධාන පෙලේ සම්මාන උළෙල වන 58 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගිය දිනකදී මුම්බායි නුවරදී පැවැත්වුනා.එහිදී කාගේත් අවදානය දිනාගන්නට සමත් වුනේ රන්බීර් කපුර්.ඊට හේතු වුනේ හොඳම නලුවාට හිමි සම්මානය පිට පිට දෙවැනි වතාවටත් බර්ෆි සිනමාපටය වෙනුවෙන් දිනාගැනීමට රන්බීර් කපුර් සමත් වීම. එමෙන්ම ඔහු මෙම සම්මානය දිනාගැනීමෙදී බොලිවුඩයේ සුපිරි තරු වන ෂාරුක් රිතික් සල්මාන් වැනි සුපිරි තරු අභිබවා යන්නට සමත් වීම තවත් විශේෂයක්. සිනමා විචාරකයින් ප්‍රකාශ කරන්නේ රන්බීර් කපුර් එන්න එන්නම බොලිවුඩයේ සුපිරි තරු සියල්ලන්ට බරපතල අභියෝගයක් වන බවයි. කෙසේ නමුත් බොලිවුඩයේ කාගේත් විශ්වාසය වාසනාව තව දුරටත් රන්බීර් සතු බවයි.