3,891 Views
අහිමිවූ කිරුළ දිනාගැනීම සඳහා ශ්‍රී ලංකාව අද වදින අතර , කොදෙව්වන් දිනාගත් කිරුළ රැකගැනීම වෙනුවෙන් තරඟවදී.
20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව තරඟය රෑ 7 ට ඇරඹෙයි. කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එම තීරණාත්මක තරඟය ඩකා හිදී පැවැත්වේ.
20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව පිවිසි 4 වන අවස්ථාව මෙයයි.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවස්ථා දෙකකදී, අවසන් පූර්ව තරඟයට පිවිස තිබේ. මීට පෙර පැවැති පන්දුවාර 20 යි 20 ලෝක කුසලානක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පිවිසි ශ්‍රී ලංකාව, කොදෙව් කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.
අද තරගයේ නායකත්වය මාලිංග,චන්දිමාල්,සහ මහේල අතර දෝලනය වෙමින් පවතින අතර අද තරගයේ නායකත්වය කාට හිමිවේදැයි, තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නැත.
අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම අප සැමගේ බලාපොතොත්තුවයි.
තරගයේ උණුසුම් තරග තොරතුරු ෂා 90.9න් හෝ 91.1න් සහ www.shaafm.lk හරහා ඔබට සමීප කරන්න අප සුදානම්.