Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
02
ලෝක නායකයින් භාවිතා කරන ස්මාට් Phone

ලෝක නායකයින් භාවිතා කරන ස්මාට් Phone - ලෝක නායකයින් භාවිතා කරන ස්මාට් PhoneShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,032 Views

1. ඇමරිකාව.

ඇමරිකානු ආරක්ෂක අංශයන්ගේ විරෝධතාවය නොසලකා ඇමරිකානු ජනාධිපති තුමා බලයට පත්වූ මුල්ම දවස් වල බ්ලැක්බෙරි දුරකතනයක් භාවිතා කරා. ඉන්පසුව ඇමරිකානු ජනාධිපති තුමාගේ දුරකථනයෙහි වූ අතිශය පෞද්ගලික සහ රහසිගත දේවල් වලට ඉහල ආරක්ෂාවක් සැපයිය හැකි ලෙස බ්ලැක්බේරී දුරකතනයක් මොඩිෆයි කොට ලබා දීමට එරට බුද්ධි අංශයන් සහ ආරක්ෂක අංශයන් ක‍්‍රියා කොට තිබෙනවා. බැරැුක් ඔබාමාගේ එම දුරකතනයට ඇමතුම් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුට සහ ධවල මන්දිරයේ උසස්  නිලධාරීන් කිහිප දෙනෙකුට පමණයි. එක වරක් තරුණ පිරිසක් හමුවූ ජනාධිපති තුමා ඔවුනට පවසා තිබෙනවා ආරක්ෂක හේතුන් මත iPhone දුරකථනයන් භාවිතා කිරීම සදහා තමාට අවසර නොමැති බව.

 

 

2. උතුරු කොරියාව.

උතුරු කොරියානු පාලක කිම් ජොන් උන් භාවිතා කරන දුරකථනය කුමක්ද යන්න පිලිබදව නොයෙකුත් අනුමාන කිරීම් තිබෙනවා. නමුත් 2013 වර්ෂයේ ජනවාරි මස පැවැත්වූ ජාතික ආරක්ෂක සමුළුවකදී අරගනු ලැබූ චායාරූපයක දිස් වෙනවා කොරියානු පාලකයා භාවිතා කරන්නේ HTC දුරකතනයක් බව. දකුණු කොරියානු මාද්‍යය වාර්තා කර සිටින්නේ පවුලේ සාමාජිකයන්ට සහ රජයේ උසස් නිලධාරීන් ඇමතීම සදහා කිම් ජොන් උන් භාවිතා කරන්නේ ඔහුගේ පෞද්ගලික දුරකතය බවයි.

 

 3. ප‍්‍රංශය

ප‍්‍රංශයේ ජනාධිපති ෆ‍්‍රෑන්කොඉස් හොලන්දේ සතුව තිබෙන්නේ දැඩි ආරක්ෂාවක් සහිත Toeram දුරකතනයක්. නමුත් ඔහු තම ආදරවන්තිය හා කෙටි පණිවිඩ යැවීමට නම් භාවිතා කරන්නේ iPhone දුරකතයක්. ඔහු එය පෞද්ගලික පරිහරණයට පමණක් භාවිතා කරන බවක් තමයි පෙනෙන්නේ.

 

4. රුසියාව.

4. රුසියාව. රුසියානු ජනාදිපති ජංගම දුරකථනයන් භාවිතා නොකරන බව සැවොම දන්නා ප‍්‍රසිද්ධ කරුණක්. ඔහු සන්නිවේදන කටයුතු සහ රාජකාරී කටයුතු කරන්නේ ආරක්‍ෂිත වූ පැරණි ක‍්‍රමකයකටයි. වාර්තා වෙන පරිදි රුසියානු ජනාධිපති තුමාගේ කාර්යාලයේ තිබෙන්නේ පරණ විලාසිතාවේ දුරකථනයන්. කොහොම නමුත් රුසියාවේ අගමැති වරයානම් ඇපල් දුරකථනයන් වලට වැඩි කැමැත්තක් දක්වන ඇපල් සමාගමේ රසිකයෙක්. iPhone 4 දුරකථනය නිකුත්වීමටත් ප‍්‍රථම ඇපල් සමාගමේ අධිපති ස්ටීව් ජොබ් මහතාගෙන් තිලින ලද iPhone 4දුරකතනයක් ඔහු කලින් භාවිතා කර තිබෙන බව වාර්තා වෙනවා.

 

5. ජර්මන්

ඇන්ජලා මර්කල් සතුව දුරකථනයන් දෙකක් තිබෙනවා. ඉන් එක් දුරකතනයක් ගැන නම් මෑතකදී කාගේත් කතා බහට ලක් වුනා. ඔබ දන්නවා ඇති ඇමරිකාවේ නාසා ආයතනය ඇයගේ දුරකථන පණිවිඩයන් වලට රහසින් සවන් දී ඇති බව. මෙම අකරතැබ්බයට මුහුණ දුන් දුරකථනය නම් Nokia 6220. අනෙකුත් දුරකථනයන නම් ඉහල ආරක්ෂාවක් සලසා ඇති Blackberry 10 දුරකතනයි. වාර්තා වෙන පරිදි එහි දත්ත එන්ක‍්‍රිප්ට් කිරීම සදහා අමතර චිපයක් සවි කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top