රායිස් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ෂාරුක්ගේ බාල පුත් අභිරාම් ඛාන් ව පසුගියදා එක් කරගත් බව ඉන්දීය ආරංචි මාර්ග වලින් අපිට දැනගන්න ලැබුණා.
බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත රාහුල් ඩෝල්කියාගේ ‘රායිස්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දවස්වල සිදුවෙනවා.
ෂාරුක් ඛාන් හා පකිස්තානු සිනමා නිළි මිහිරා ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු කිහිපයක්ම පසුගිය සති අන්තයේදී මුම්බායි නගරයේදී සිදුකළ බව සඳහන් වේ.
මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා විශේෂ අමුත්තෙක්ද එක්වූ අතර, ඒ ෂාරුක්ගේ බාල පුත් අභිරාම් ඛාන්ය. ඔහු සුසැනා හා ආර්ය්‍යන් නොමැතිව තනිවම සිය පියා වූ ෂාරුක් ඛාන් සමග මෙම ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධවී සිටීම බොහෝ පිරිසකගේ කතා බහට ලක්වු මාතෘකාවක්ද වී තිබුණි.
ෂාරුක් මේ වසරේදී සිය රසික පිරිස් මුණගැසෙන පළමු චිත්‍රපටය මෙය වන අතර, ඔහු රංගනයෙන් දායක වන තවත් බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම මේ වසරේදී ප්‍රදර්ශනය වීමට නියමිතව තිබේ.
Save