3,306 Views
ඒ අනුව, 2016 වසරේ හොඳම හාස්‍යෝත්පාදක හෝ සංගීතමය චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ ‘ලාලා ලෑන්ඩ්’ චිත්‍රපටයයි. එහි ප්‍රධාන නළුවා වූ රයන් ගොස්ලින් හොඳම හාස්‍යෝත්පාදක / සංගීතමය චිත්‍රපට නළුවා ලෙස සම්මාන දිනා ගත්තා. එම අංශයෙන්ම හොඳම නිළිය ලෙස සම්මාන දිනුවේ ‘ලාලා ලෑන්ඩ්’ චිත්‍රපටයේ රඟපෑ එමා ස්ටෝන්. එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩේමියන් චැසෙල් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙම උලෙළේ හොඳම නාට්‍යමය චලන චිත්‍රපටය වූයේ ‘මූන් ලයිට්’ චිත්‍රපටයයි. එම අංශයෙන් හොඳම නළුවා වූයේ සීසේ ඇෆ්ලෙක්. ඒ, ‘මැන්චෙස්ටර් බයි ද සී’ චිත්‍රපටයේ රඟපෑමෙන්.
මෙම සිනමා උලෙළේදී පිරිනැමෙන ගෞරවනීය සිසිල් බී. ඩිමෙල් සම්මානය දිනා ගත්තේ ප්‍රවීණ නිළි මෙරිල් ස්ට්‍රීප්.