2,820 Views
පසුගිය දිනවල බොලිවුඩය පුරා පැතිරි ගිය පුවතක් වුනේ කත්‍රැනා කයිෆ් සහ රන්බීර් කපුර් අවුරුදු නිවාඩුව එක්ව ලන්ඩන් නුවර ගත අයුරු දැක්වුන ජයාරූප.මීට හේතුව වුනේ කත්‍රැනා ඩූම් 3 චිත්‍රිපටයේ රූගත කිරීම් පවා නවතා තම පවුලේ අය සමග නිවාඩුව ගත කරන බව පවසා ඉන්දීයාවෙන් පිටත්ව යාමයි. නමුත් ඉන්දීය මාධ්‍යය වාර්තාකලේ ඇය නිවාඩුව ගත කලේ පවුලේ අය සමග නොව රන්බීර් සමග කියායි. කෙසේ නමුත් මොවුන් දෙදෙනාම නිවාඩුවෙන් පසු නැවතත් ඉන්දියාවට පැමිණියා. එහිදී කත්‍රැනාට යොමු වූ ප්‍රධාන ප්‍රශ්නය වුයේ අවුරුදු නිවාඩුව ගත කලේ කා සමගද යන්න.නමුත් ඇය මාධ්‍යයන්ට කියා සිටියේ මුළු නිවාඩුවම ඇය තම මැණියන් සමග සිටි බවයි.එමෙන්ම ඉදිරියේදී ඩූම් 3 චිත්‍රිපටය සදහා තම උපරිම දායකත්වය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කර සිට්යා.