Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jun
20
අවුරුදු 100ට පෙර මියගිය දැරිය ඇස් අරියි (වීඩියෝ සහිතයි)

Rosalia Lombardo opening her eyes Shaa Gossip - අවුරුදු 100ට පෙර මියගිය දැරිය ඇස් අරියි (වීඩියෝ සහිතයි)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

110,848 Views
කැපුචින් පූජකයින් විසින් ගොඩනගපු අවුරුදු සිය ගණනක් පැරණි කොලිස්ටරයක් සිසිලි රටේ පැලර්මෝ වල පිහිටා තිබෙනවා. එම පෞරාණික ගොඩනැගිල්ලේ පහල බිම්ගෙයක මමී 2000ක් විතර තැන්පත් කර තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. වීදුරු ගල් මිනීපෙට්ටි වල සැතපී සිටින දහස් ගණනක් වූ ඇටසැකිලි අතර එක්තරා සුවිශේෂී දරියක්ද අවසන් ගමන් ගොස් සිටිනවා
රෝසලියා ලොම්බාදෝ නම්වූ එම දැරිය නිව්මෝනියා රෝගය හේතුවෙන් 1920දී මියගියා. ලොම්බාදෝ ලෙස හඳුන්වන ඉතාලියානු නිලධාරියෙකු වූ එම මහතාට තම දැරියගේ අකල් වියෝව දරාගත නොහැකි දුකක් වුනා.

ඇය මෙලොව හැරදමා ගියද ඇයගේ මතකය සදාකල් ආරක්ෂා කරගැනීමට ඔහුට අවශ්‍ය වුනා. එම නිසා ඇල්ෆාදෝ සැලෆියා කියන සුප්‍රසිද්ධ එම්බාම් කරු කැඳවා දැරියගේ දේහය අවුරුදු සියගණනක් වුනත් කල්වපතින ලෙස එම්බාම් කිරීමට කටයුතු කර තිබෙනවා. ඔහු දැරියගේ ශරීරයෙන් රුධිරය ඉවත්කොට ඒ වෙනුවට ෆොමැල්ඩිහයිඞ් පුරවා ඇසිඞ් සහ ඇල්කොහොල් වලින් දේහය පිරියම් කරමින් තමයි එම්බාම් කටයුතු සිදුකොට තිබෙන්නේ. අවුරුදු සියයයක් ගතවුනත් ඇයගේ මෘත දේහය ඇදහිය නොහැකි ලෙස තවමත් ආරක්ෂාවී පවතින හැටි නම් අතිශයින්ම විශ්මයජනකයි.

අවුරුදු සියගණනක් පැරණි එම දැරියගේ මෘතදේහය දකින ඕනෑම කෙනෙකුට ඇය දැන් නැගිටිතියි යන සිතුවිල්ල නැගෙනවා. ඒ තරමටම දේහය වඩාත් හොඳින් ආරක්ෂාවී පවතිනවා. ඇය මියගොස්ද ? එසේත් නොමැතිනම් ඇය තවමත් ජීවතුන් අතර සිටිනවාද යන සැකය ඔබේ සිතට නැගේවි.

මෙම කොලිස්ටරය දැකගැනීමට පැමිණෙන බොහොමයක් සංචාරයකින් ඇය දෙනෙත් විවර කරනවා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක තිබෙනවා. විශේෂඥයින් නම් පවසන්නේ, මදක් අඩවන්ව ඇති ඇගේ දෙනෙත් සහ ඒ මතට වැටෙන ආලෝකය නිසා ඇතිවෙන දෘෂ්ටි මායාවක් හේතුවෙන් එවැන්නක් දිස්වෙන බවයි.

කැමරා කාචයට හසුවුණු එම අද්භූත සිදුවීම ස්ලෝ මෝෂන් තාක්ෂණයෙන් ඔබට පහතින් දැකගන්නට පුළුවන්.

රොසලියා ලොම්බාදෝ ලෙස හඳුන්වන මෙම මමිය මිහිපිට ඇති වඩාත් හොඳින් ආරක්ෂා වී පවතින මමී අතරින් එකක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය දකින ඕනෑම කෙනෙකු පුදුමයෙන් පුදුමයට පත්වෙනවා. අවුරුදු 2ක් පමණක් වයසැති දැරියකගේ මුහුණේ ඇති අහිංසක කම මියයන මොහොතේ පැවති ආකාරයට තවමත් පැවතීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. දෑස් වල ඇති ජීවමාන ස්වභාවයද කෙනෙකු මවිතයට පත්කිරීමට සමත් වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top